harini-speaks

ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව මඟින් පව­ත්වන විභාග සැලැස්ම පෙර පැවැති පරිදි සාමාන්‍ය තත්ත්ව­යට 2026 වසරේ සිට පත් කර ගැනී­මට හැකි­වන බව අග­මැති, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණ­විය පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (08) පැව­සු­වාය.





කොවිඩ් හා ආර්ථික අර්බු­දය හේතු­වෙන් ජාතික මට්ට­මෙන් පැවැති විභා­ග­යන් අදාළ කාල­යන්ට නොපැ­වැ­ත්වීම නිසා පාසල් දරු­වන්ගේ අධ්‍යා­ප­න­යට අහි­ත­කර බල­පෑ­මක් ඇති කර තිබෙන බවට පාර්ලි­මේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේම­චන්ද්‍ර මහ­ත්මිය අග­මැ­ති­ව­රි­ය­ගෙන් වාචික පිළි­තුරු අපේ­ක්ෂා­වෙන් ඇසූ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් අග­මැ­ති­ව­රිය මේ බව පැව­සු­වාය.

අග­මැ­ති­ව­රිය මෙසේ ද පැවසුවාය.



ඒ අනුව ජාතික මට්ට­මෙන් පැවැ­ත්වෙන සියලු විභා­ග­යන් 2026 වර්ෂයේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය ආකා­ර­යට පැවැ­ත්විය හැකි බවත් කොවිඩ් ආර­ම්භ­යට පෙර පැවැති ආකා­ර­යට විභාග කාල­යන් නිසි පරිදි සකස් කර ගැනී­මට හැකි බවත් අග­මැ­ති­ව­රිය ප්‍රකාශ කළාය.

2020 වර්ෂයේ සිට ඇති වූ කොඩිඩ් තත්ත්වය නිසාත්, 2021, 2022 වර්ෂ­වල ඇති වූ ආර්ථික අර්බු­දය නිසාත් 2020 ත් 2024 ත් දක්වා පාසල් වාර අදාළ වර්ෂ ඉක්මවා පැවැ­ත්වී­මට සිදු වූණා. 2025 වර්ෂය සඳහා දින 181ක් විෂය නිර්දේ­ශ­යට කාල­යක් ලබා­දෙ­මින් 2025 වස­රේදී දෙසැ­ම්බර් මාස­යේ­දීම පාසල් වාර අව­සන් කිරී­මට සැල­සුම් කර තිබෙ­නවා.

රටේ සිය­ලුම දරු­වන්ට වසර 13ක අධ්‍යා­ප­න­යක් තහ­වුරු කිරීම වත්මන් ආණ්ඩුවේ අපේ­ක්ෂා­වයි.

අධ්‍යා­පන ආය­තන නිසි වර්ගී­ක­ර­ණ­ය­කට ලක් කර­මින් ආය­ත­නික පද්ධ­තියේ සිදු කරන ව්‍යුහා­ත්මක වෙන­ස්කම් තුළින් 2025 වර්ෂයේ අධ්‍ය­යන කට­යුතු කර­නවා. විෂ­ය­මාලා ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ද 2025 වස­රට අදා­ළව සිදු කර­නවා.