නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදුකරන ලදැයි කියන ‘ඉසිමග’ නමැති සමාගමක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට ඊයේ (8 වැනදා) නියෝග කළාය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාකරණ බලගැන්වීමේ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කරුණු වාර්තා කළ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.
‘ඉසිමග’ නමින් සමාගමක් (Isimaga International (Pvt) Ltd.) ලියාපදිංචි කරමින් එම සමාගම හරහා නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදුකිරීම සම්බන්ධයෙන් එම විමර්ශනය පවත්වන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය.
තැන්පත්කරුවන් රැසකගේ පැමිණිලි ලැබී ඇති ඉසිමග නමැති පිරමීඩාකාර ගනුදෙනු සිදුකළ සමාගමේ සැකකාර අධ්යක්ෂවරුන් 8 දෙනකු පිළිබඳ විමර්ශන පවත්වන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට වැඩිදුරටත් නියම කළාය.
(ඉෂාර රත්නකාර)
0 Comments