ප්‍රකට දේශපාලන විචාරකයෙකු වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා වයස 96 දී අද (2) පෙරවරුවෙහි රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව ඥාතීන් දන්වා තිබේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්සයේ දැදිගම සංවිදායක ලෙසද කලක් කටයුතු කළ අතර 2010-15 කාලයේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්ද දැරීය.
හිටපු විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙකු ද වූ සූරියප්පෙරුම මහතා ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව වැඩසටහන ඔස්සේ ‘හසන්ත සමග’ සිදු කළ සංවාද කාලයක් ජනප්‍රිය විය.
1928 ජුනි මස 08 වැනි දින උපත ලැබු ඔහු වයස 96දී මියගියේය. ඔහු පසුගිය වසරේ සිටම
ගිලන්ව ප්‍රතිකාර ලබමින් සිටි අතර කලාකරුවන් හා හිතවතුන් එක්වී කැලණීය රජමහාවිහාරයේ ආශිර්වාද පූජාවක්ද පවත්වා තිබුණි. ප්‍රකට දේශපාලන විචාරකයකු, දේශපාලනඥයකු, අර්ථ ශාස්ත්රඥයකු සහ හිටපු විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා දිගු කලක් පුවත්පත්,
ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍යයන්හි දේශපාලන, ආර්ථික හා ශාස්ත්‍රීය සංවාදවලට සහභාගී වෙමින් ශ්‍රී ලාංකේය සමාජය දැනුමෙන් පෝෂණය කිරීමට මහත් වෙහෙසක් දැරුවේය.
0 Comments