ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැසිෆික් පාලිසඩ්ස් ප්‍රදේශයෙන් ඇරඹුණු දැවැන්ත ලැව් ගින්නක් දකුණු කැලිෆෝනියාව පුරා පැතිර යමින් පවතී. මුලදී අක්කර 20ක පමණ කුඩා ප්‍රදේශයකින් ආරම්භ වූ ගින්න, පැය කිහිපයක් තුළ අක්කර 1,200 දක්වා ව්‍යාප්ත වී ඇති අතර, ප්‍රදේශයේ නිවාස 10,000කට සහ ගොඩනැගිලි 13,000කට තර්ජනයක් එල්ල කර තිබේ.
ලොස් ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ක්‍රිස්ටින් ක්‍රව්ලි පවසන පරිදි, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් 250කට අධික පිරිසක්, හෙලිකොප්ටර් යානා සහ ගිනි නිවන රථ යොදවා ඇත. මේ වන තෙක් කිසිදු හානියක් හෝ තුවාලයක් වාර්තා වී නොමැති නමුත්, ආරක්ෂිත පියවරක් ලෙස 30,000කට අධික ජනතාවක් ඉවත් කිරීමේ නියෝග නිකුත් කර තිබේ.
කාලගුණ විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීම් අනුව, තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි අතර, දින කිහිපයක් පුරා පැවතීමට නියමිත සුළං කුණාටුව හේතුවෙන් කඳුකර සහ කඳු පාමුල ප්‍රදේශවල පැයට කිලෝමීටර් 160 දක්වා වේගයෙන් හුදකලා සුළං කුණාටු ඇති විය හැකි බව පෙන්වා දෙයි.
කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් අනතුරු අඟවා සිටින්නේ දැඩි සුළඟ හේතුවෙන් ගින්නෙන් විසි වන ගිනි පුපුරු සැතපුම් ගණනක් දුර ගමන් කර නව ගිනි ඇවිලීමේ අවදානමක් පවතින බවයි. මේ හේතුවෙන් ප්‍රදේශයේ පාසල් කිහිපයක් දැනටමත් වසා දමා ඇති අතර, ප්‍රදේශවාසීන්ට හදිසි ආපදා තත්ත්වයකදී ඉවත් වීමට සූදානම්ව සිටින ලෙස උපදෙස් ලබා දී තිබේ.
ලොස් ඇන්ජලීස් නගරය දැනටමත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එමඟින් අතිරේක සම්පත් නිදහස් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි වැඩබලන නගරාධිපති මාක්වීස් හැරිස්-ඩෝසන් පවසයි.
0 Comments