මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.



ඒ මහතා අඟහරුවාදා (07) රාත්‍රී ඔහුගේ නිවසේ ඇද වැටීමකට ලක්ව ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අභාවප්‍රාප්ත වී තිබේ.

මධ්‍යම පළාත් සභාවේ ආරම්භක සභිකයෙකු මෙන්ම අමාත්‍යවරයකුද වූ ඒ මහතා තෙවරක් පාර්ලිමේන්තුව නියෝජනය කොට ඇති අතර 2015 යහපාලන රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන්ද කටයුතු කළේය.

ඒ මහතාගේ දේහය ගම්පොළ පාරේ වැලිගල්ල ගල්ගෙඩියාව නිවසේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු සිකුරාදා (10) සවස 6.00 ට මහයියාව සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.