nilanthi-kottahachchi-ravindra-cid

ජාතික ජන බල බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට  සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීමේ චෝදනා මත කළුතර මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවින්ද්‍ර රම්මුණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි.

රුපියල් විසිදහසක මුදලක් ගෙවමින් නිලන්ති කොට්ටේහච්චි මහත්මිය සමග හෝටලයක ගිය බවට අදාල පුද්ගලයා සමාජ ජාල වල එම සටහන පළ කර තිබුණු බව කොට්ටහච්චි මහත්මියගේ නීතිඥ නාමල් රාජපක්‍ෂ මහතා මේ ගැන පැමිණිලි කර තිබුණි.

ඒ අනුව තම සේවා දායිකාවට ඉන් සිදුවූ අගතිය හා අපකීර්තිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක ලෙස ඉල්ලමින් නීතීඥවරයා දන්වා තිබුනේ සේවා දායිකාව මේ ආකාරයේ කිසිදු සබඳතාවයක් පවත්වා නොමැති බවත් එම පුද්ගලයා කිසි දිනක හඳුනන්නේ නැති බවත්ය.

මෑතකදී ආන්දෝලනයකට ලක් වූ ප‍්‍රාඩෝ රථයක් පැහැරගෙන යාමේ අනියම් සබදතා සිදුවීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අදාලත්වයක් නැති බවද නීතිඥවරයා දන්වා තිබුණි.

අද (03) පෙරවරු 9ට පමණ සැකකාර හිටපු මන්ත්‍රී ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවින්ද්‍ර රම්මුණිව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ නිවස පිහිටි බටගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඉකුත් දා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රිනී කොට්ටහච්චි මහත්මියට අපහාසවන පරිදි අදහස් පළකර තිබූ නමුත්, පසුව එදිනම එම පොස්ටුව ඔහු ඉවත්කොටගෙනද තිබුණි.