ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ බිරියකට අයත් ප්‍රාඩෝ රථයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් බෙදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂකයකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ලබන 10 වැනිදා පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දී තිබේ.
පසුගිය මහ මැතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණින් (ගෑස් සිලින්ඩරය ලකුණින්) ගාල්ල දිස්ත්‍රික්කයට තරග කළ ජනිත චතුරංග මහතාට මෙම කැඳවීම සිදු කර ඇත.සිකුරාදා පෙරවරු 9.00ට රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දැනුම් දී තිබේ.දිනපතා පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම සම්බන්ධයෙන් ජනිත චතුරංගට විරුද්ධව අපරාධ පරීක්ෂණ අතර ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබෙන මෙම කැඳවීම සිදුකර ඇත.
මේ අතර, තමන් තවත් මන්ත්‍රිවරයකු සමඟ සම්බන්ධ කර, සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ ද්වේෂ සහගත කටකතා පතුරුවමින් තම කීර්තිනාමයට හානි කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය පසුගිය දෙසැම්බර් 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි
(අමිත් මධුරංග ගමගේ)
0 Comments