obama-aniston-affair-rumours-michelle-obama-skips-public-events


ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සහ ප්‍රවීණ හොලිවුඩ් නිළි ජෙනිෆර් ඇනිස්ටන් අතර පවතින බවට කියැවෙන සම්බන්ධතාවය පිළිබඳ කටකතා මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතී. මෙම කතාබස් මධ්‍යයේ හිටපු පළමු කාන්තාව මිෂෙල් ඔබාමා වැදගත් පෞද්ගලික හා දේශපාලන උත්සව කිහිපයකටම සහභාගී නොවීම කැපී පෙනේ.

සමාජ මාධ්‍ය වාර්තා අනුව, ඇනිස්ටන්ගේ සමීප මිතුරන් පිරිසක් ඇය සහ ඔබාමා අතර සබඳතාවයක් ඇති බව සඳහන් කර ඇත. කෙසේ වෙතත්, "ෆ්‍රෙන්ඩ්ස්" කතාමාලාව නිසා ප්‍රකටවූ මෙම නිළිය චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. ජිමී කිමෙල් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය පැවසුවේ තමා බැරක් ඔබාමා හමුවී ඇත්තේ එක් වතාවක් පමණක් බවත්, ඔහුට වඩා මිෂෙල් ඔබාමා සමඟ වැඩි සම්බන්ධතාවයක් පවත්වන බවත්ය.

රේඩාර් ඔන්ලයින් වාර්තා කර ඇති පරිදි, පසුගිය වසර කිහිපය තුළ මිෂෙල් සහ බැරක් ඔබාමා අතර සබඳතාවය දුරස්ථ වී ඇති බව පෙනේ. ජනවාරි 20 වැනි දින පැවති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවයට සහ හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ අවමංගල්‍ය උත්සවයට මිෂෙල් ඔබාමා සහභාගී නොවීම කැපී පෙනුණි.

"ඔබාමා යුවළ දැන් දුෂ්කර කාලයක් ගත කරමින් සිටිනවා. ඇනිස්ටන් සමඟ සම්බන්ධ කරමින් මතුවූ අවධානය අනවශ්‍ය එකක්. මිෂෙල්ට මෙය බලවත් කනස්සල්ලක් වුණා. ඇත්ත තත්ත්වය නම් දැන් ඔවුන් හුදෙක් මිතුරන් ලෙස ජීවත් වන බවයි," යැයි ඇතුළත ආරංචි මාර්ග උපුටා දක්වමින් රේඩාර් ඔන්ලයින් වාර්තා කරයි.



කෙසේ වෙතත්, මෑතකදී හිටපු ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් හරහා මිෂෙල්ගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින්, "මගේ ජීවිතයේ ආදරණීයතමයාට සුබ උපන්දිනයක් වේවා. ඔබ සෑම අවස්ථාවකම උණුසුම, ප්‍රඥාව, විහිළු තහළු සහ චාම් බව රැගෙන එනවා. ජීවිතයේ අභියෝග ඔබ සමඟ මුහුණ දීමට ලැබීම මගේ වාසනාවක්," යනුවෙන් සඳහන් කර තිබේ.

නීතිඥවරියක වන මිෂෙල් ඔබාමා සහ බැරක් ඔබාමා 1989 දී මුණගැසී 1992 දී විවාහ වූ අතර, ඔවුන්ට දියණියන් දෙදෙනෙක් සිටිති.

හොලිවුඩ් නළු නිළි ලෝකයේ ප්‍රමුඛ චරිතයක් වන ජෙනිෆර් ඇනිස්ටන් සැලකීමේදී ඇය නීත්‍යානුකූල විවාහ දෙකක් පවත්වා දැන් තනිකඩව වෙසෙන්නියකි. ඇගේ පෙම් ජීවිතය පසුගිය දශක දෙක තුළ මහත් කතාබහට ලක්ව ඇත.
ඇයගේ වඩාත්ම කතාබහට ලක්වූ සම්බන්ධතාවය වූයේ හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් සමඟ පැවති විවාහයයි. 1998 වසරේදී ආරම්භ වූ ඔවුන්ගේ පෙම් සම්බන්ධය 2000 වසරේදී විවාහයකින් කේන්ද්‍රගත විය. කෙසේ වෙතත්, 2005 දී මෙම විවාහය දික්කසාදයකින් අවසන් විය. විශේෂයෙන්ම බ්‍රැඩ් පිට් පසුව ඇන්ජලීනා ජොලී සමඟ ඇති කරගත් සම්බන්ධය හේතුවෙන් මෙම දික්කසාදය මාධ්‍ය අවධානයට දැඩි ලෙස ලක්විය.



2008-2009 කාලය තුළ සංගීතඥ ජොන් මේයර් සමඟ ද ඇනිස්ටන් සම්බන්ධතාවයක් පැවැත්වූවාය.
ඇයගේ දෙවන විවාහය වූයේ නළු ජස්ටින් තෙරෝක්ස් සමඟය. 2007 දී මුණගැසුණු ඔවුන් 2015 දී විවාහ වූ නමුත් 2018 දී වෙන්වීමට තීරණය කළහ.
ඇනිස්ටන්ගේ පෙම් ජීවිතයේ තවත් සැලකිය යුතු සම්බන්ධතා කිහිපයක් වින්ස් වෝන් (2005-2006) ටේට් ඩොනොවන් (1995-1998) ඇඩම් ඩූරිට්ස් (1995)  ඩැනියල් මැක්ඩොනල්ඩ් (1990-1995) සමග පවත්වා ඇති බව ඇය පිළිගෙන තිබේ.තම අතීත සම්බන්ධතා අසාර්ථක වුවද, ඇනිස්ටන් සහකරුවෙකු සමඟ ජීවත්වීමේ අපේක්ෂාව අත්හැර නැති බව පුවත්පත්වලට පවසා තිබේ.  ඔබාමා සමඟ යැයි කියන සම්බන්ධය පිළිබඳ මෑත කාලීන කටකතා, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිත පිළිබඳ මාධ්‍ය සහ මහජන උනන්දුව කෙතරම් තීව්‍ර ද යන්න පැහැදිලි කරයි.