ව්‍යාජ ගර්භණී තත්ත්වයක් ප්‍රදර්ශනය කරමින් සිඟමන් යැදී කාන්තාවක අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව, මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය. පානදුර බස් නැවතුම්පොළ සහ ඒ අවට ප්‍රදේශයේ ගර්භණී කාන්තාවක සිඟමන් යදින බවත්
ඇය වසර දෙකකට ආසන්න කාලයක් ගර්භණී තත්ත්වයක් ප්‍රදර්ශනය කරමින් සිටින බවට සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න මහතාට ලද තොරතුරක් මත උප පොලිස් පරීක්ෂක චන්ද්‍රිකා නිලධාරිනිය ලවා පරීක්ෂා කිරීමේදී උදරය ප්‍රදේශය රෙදි ආවරණ යොදා උපක්රමිකව ගර්භණී බවක් පෙන්නුම් කරමින් සිට ඇති බවට හඳුනාගෙන ඇති බව සඳහන් වේ.
කූට ලෙස ජනතාව නොමඟ යවමින්සිඟමන් යැදීම යන චෝදනාව යටතේ වරදක් කර ඇති බවත් සැකකාරිය පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.
(සුමිත් ප්‍රේමතිලක)
0 Comments