parliament-romances

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවනට එහි ඉහළ නිලධාරීන්ගෙන් සිදු වන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (7) පැවැසීය.ඔහු මෙසේ පැවැසුවේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.මුජිබර් රහුමාන් මහතා මෙසේ ද පැවැසීය.






පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට මම මේ කාරණය ගැන ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන සේවිකාවන්ට වෙන හිරිහැර පිළිබඳව පසුගිය සති කිහිපයේ මාධ්‍යවල පළ වුණා. මම හිතනවා මේ සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්වරිය යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සමහර අයගේ වැඩ තහනම් කරලා තියෙනවා. සමහර අය විශ්‍රාම ගන්වලා තියෙනවා.


ඒ වගේම කතානායකතුමනි, විශේෂයෙන්ම තොරතුරු පද්ධති සිහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ

බලධාරීන් කාන්තාවන්ට නිතර නිතර විවිධ හිරිහැර කරනවා කියන පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ මේ පිළිබඳව පැමිණිලි රාශියක් ලැබිලා තියෙනවා. මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වහාම මේ ගැන ක්‍රියා මාර්ගයක් ගන්න. පාර්ලිමේන්තුවේ කාටහරි අඩන්තේට්ටම් සිද්ධ වෙනවා නම් අපටත් ඒක බලපානවා. මේ පිළිබඳව පරීක්ෂා කරලා වහාම ක්‍රියා මාර්ගයක් ගන්න.


මේ කතානායක ජගත් වික්‍රමරත්න මහතා: සම්බන්ධයෙන් තවමත් අපට කවුරුත් දැනුම් දීමක් කරල නෑ. අපි ඒ ගැන පරික්ෂණයක් කරන්නම්. මුජිබර් රහුමාන් මහතා: මාධ්‍යවල තොරතුරු වාර්තාවෙලා තියෙනවා.
(අංජුල මහික වීරරත්න)