පිටකොටුව පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණයේ ආපනශාලාවකින් ඇණවුම් කළ පැණි බීම බෝතලයක් වෙනුවට පිරිසුදු කාරක අඩංගු බෝතලයක් දීමෙන් අනතුරුව එය පානය කළ තරුණියක රෝගාතුරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හත් දෙනකුගේ ප්‍රකාශ ලබාගත් බව වේල්ලවීදිය පොලිසිය කියයි.එලෙස ප්‍රකාශ ලබාගත් පුද්ගලයන් අතර එම ආපනශාලාවේ සේවකයන් තිදෙනකු සහ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන සේවකයන් සිවුදෙනකු ද වන බව පොලිසිය පවසයි.
එම ආපන ශාලාවේ තිබී තවත් හිස් පැණි බීම බෝතල්වල බහා තිබූ පිරිසුදු කාරක දියර අඩංගු බෝතල් දෙකක් සොයාගත් බව පොලිසිය කියයි.මෙලෙස රෝහල් ගත කර ඇත්තේ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියකි.එම තරුණිය මව සමඟ ඉකුත් 31වැනි දින අවශ්‍යතාවක් සඳහා පිට කොටුවට පැමිණි අවස්ථාවේදී පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණයේ ආපනශාලාවකින් කෙටි ආහාර ලබාගෙන එය අනුභව කරන අතරතුරදී තරුණිය පැණි බීම බෝතලයක් ඇණවුම් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ආපනශාලා සේවකයකු එය දීමෙන් අනතුරුව ඇය එය පානය කිරීමත් සමඟම මුව තුළින් පිළිස්සුම් ගතියක් ඇති වී වමනය යාමට පටන් ගෙන ඇති අතර මව ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. අනතුරුව ඇය අයි ඩී එච් හි ජාතික බෝවන රෝග නිවාරණ විද්‍යායතනය චෙත මාරුකර යවා ඇති අතර එහිදී දැඩිසත්කාර ඒකකය වෙත යොමු කර ප්‍රතිකාර දීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.
රෝගී වූ තරුණිය මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ප්‍රතිකාර කරන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.සිද්ධිය සම්බන්ධයෙන් තරුණියගේ පෙරේදා (1) වේල්ලවීදිය පොලිසියට පැමිණ කළ පැමිණිල්ලකට අනුව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් එම ආපනශාලාව වෙත ගොස් සිදුකළ පරික්ෂාවේදී තවත් හිස් පැණි බීම බෝතල්වලට දමන ලද එවැනිම පිරිසුදු කාරක දියර බෝතල් දෙකක් සොයාගත් බව පොලිසිය කියයි.වේල්ලවීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරු ආරච්චි මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments