ජංගම දුරකතන සේවා සපයන සමාගම් සඳහා දුරකතන පැකේජවල මිල ගණන් ඉහළ දැමීමට කිසිම අවසරයක් ලබා දී නැතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේ මාධ්‍යයට ඊයේ (13) ප්‍රකාශයක් කරමිනි.
පැකේජවල මිල ගණන් වැඩි කිරීමට කටයුතු කළහොත් කොමිෂන් සභාව දුරකතන සමාගම්වලට ලබාදී ඇති බලපත්‍ර අහෝසි කරන බවත්, එවැනි ආකාරයේ වැඩි කිරීමක් සිදුව ඇත්නම් ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව කටයුතු කරන බවත් කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා පවසයි. යම්කිසි පාරිභෝගිකයෙක් තමා සක්‍රිය කර ඇති දුරකතන පැකේජයක මිල ගණන් ඉහළ ගොස් ඇත්නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු සාධක සහිතව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ද ඒ මහතා සියලු දුරකතන පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.
ජංගම දුරකතන පැකේජවල මිල ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍යවල පළවන පුවත්වල කිසිම සත්‍යයතාවක් නැති බවත්
පවසන කොමිසම මේ පුවත දැන ගැනීමට ලැබීමත් සමඟ කොමිෂන් සභාව විසින් සියලු ජංගම දුරකතන සමාගම්වලින් විමසීමක් කළ බව ද ඒ අනුව සියලු ජංගම දුරකතන සමාගම් කිසිම මිල වැඩිකිරීමක් සිදු කර නැති බවට ලිඛිතව දැනුම් දී ඇතැයි ද හෙතෙම පවසයි. මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට මහජනතාව නොරැවටෙන ලෙස ඉල්ලා සිටින කොමිෂන් සභාව මෙවැනි අසත්‍ය ප්‍රචාර කරන මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන්ට විරුද්ධව පවත්නා නීති රාමුවේ කටයුතු කිරීමට කොමිෂන් සභාව මේ වනවිටත් පියවර ගනිමින් සිටින බවත් එමෙන්ම මෙවැනි මිල වැඩිවීමකට හසුව ඇත්නම් හෝ පැකේජයන්හි මිල වැඩි වී ඇත්නම් තොරතුරු කොමිෂන් සභාව වෙත දැනුම් දෙන ලෙසද හෙතෙම වැඩිදුරටත් දන්වා සිටියි.
0 Comments