police-report


01.
මනුෂ්‍ය ඝාතනයක් - මැදවච්චිය පොලිස් වසම.

2025.01.09 වන දින සවස් කාලයේ මැදවච්චිය පොලිස් වසමේ කටුවෙල සුසාන භූමිය අසල බොරළු වළක් තුල කාන්තා මළ සිරුරක් ඇති බවට මැදවච්චිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 30 ත් 40 ත් අතර පසුවන අතර අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. ගවුමක් හා ලෙගින් වර්ගයේ කලිසමක් හැඳ සිටී. මෘත ශරීරයේ තුවාල නිරීක්ෂණය වන අතර මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය සැක කරනු ලබයි.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


02.
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.

2025.01.04 වන දින වැලිගම පොලිස් වසමේ මහ නැවියා මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් පස් දෙනෙකු ඉලක්ක කර ටී 56 වර්ගයේ ගිනි අවියකින් සහ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විමර්ශන ආරම්භ කර තිබුණි. වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර 2025.01.09 වන දින සවස් කාලයේදී මාතර ප්‍රදේශයේ දී මෙම අපරාධයට අවශ්‍ය කර සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන බෙලි අත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී, මෙම වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් ට පලා යාම සඳහා යොදාගත් කාර් රථය පැද වූ පුද්ගලයා මෙම

සැකකරු බවට අනාවරණය වී ඇති අතර සැකකරුගේ ප්‍රකාශ මත අපරාධයට උපයෝගී කරගත් කාර් රථය පොලිස් භාරයට ගෙන ඇත.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




03. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - කහතුඩුව පොලිස් ස්ථානය.

2025.01.09 වන දින සවස් කාලයේ කහතුඩුව පොලිස් වසමේ වෑතර ප්‍රදේශයේදී කහතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 57 මිලිග්‍රෑම් 920 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51 මිලිග්‍රෑම් 940 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 41 සහ 52 වයස්වල පසු වන වේයන්ගොඩ සහ පොල් ගස්ඕවිට ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.
කහතුඩුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


04. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය.


2025.01.09 වන දින සවස් කාලයේ වැලිකඩ පොලිස් වසමේ අරුණෝදය මාවත ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 470 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
05. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - කොළඹ අපරාධ කොට්ඨාසය
2025.01.09 වන දින සවස් කාලයේ ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ ස්ටේස් පාර ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 620 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


06. හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට - මොරටුව පොලිස් ස්ථානය.

2025.01.09 වන දින දහවල් කාලයේ මොරටුව පොලිස් වසමේ මොරටුවැල්ල ප්‍රදේශයේදී මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද

තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 60 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 42 ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


07. හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - පෑලියගොඩ පොලිස් ස්ථානය.
2025.01.09 වන දින රාත්‍රී කාලයේ පෑලියගොඩ පොලිස් වසමේ දරමඩු වත්ත ප්‍රදේශයේදී පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 800 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


08. හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - කොළඹ අපරාධ කොට්ඨාසය

2025.01.09 වන දින සවස් කාලයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ ලන්සියාවත්ත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 470 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


09. මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - ගල්ගමුව පොලිස් ස්ථානය.

2025.01.09 වන දින සවස් කාලයේ ගල්ගමුව පොලිස් වසමේ ලියන්නාගම ප්‍රදේශයේදී ගල්ගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




10. මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - උඩවලව පොලිස් ස්ථානය.

2025.01.09 වන දින සවස් කාලයේ උඩවලව පොලිස් වසමේ කොන් ගස්තොට කන්ද ප්‍රදේශයේදී උඩවලව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද
තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49 ක් වන කොළඹගේ ආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


11. හදිසි අනතුරකින් පුද්ගලයෙකු මියයාම - අනුරාධපුර පොලිස් වසම.


2025.01.09 වන දින රාත්‍රී කාලයේදී අනුරාධපුර පොලිස් වසමේ බුද්ධගයා මාවත සිට විජයපුර කනත්ත දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක ටේලරයේ ගමන් ගත් පුද්ගලයෙකු ඉන් ඇද වැටී අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවට අනුරාධපුර පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 44 ක් වූ දේවානම් පියතිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු නගර සභාවේ ට්‍රැක්ටර් රථයෙන් අපද්‍රව්‍ය පටවා ගෙන යමින් සිටින අතරතුර මෙලෙස හදිසි අනතුරට ලක්ව ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


12. සැකකටයුතු මරණයක් - කොච්චිකඩේ පොලිස් වසම.

2025.01.09 වන දින උදෑසන කාලයේදී කොච්චිකඩේ පොලිස් වසමේ පාවුළුක් සිල්වා මාවතට හැරෙන හන්දිය ආසන්නයේ ඇති වතුර වළකට පුද්ගලයෙකු වැටී මිය ගොස් ඇති බවට කොච්චිකඩේ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 53 ක් වූ කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන ඇත.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොච්චිකඩේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.