පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන වංචා කිරීම පිළිබදව කරන විමර්ශනයට අදාළව සහාය අවශ්‍ය වුවහොත් ඉල්ලන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය රහස් පොලිසියට ඊයේ (06) දැනුම් දුන්නාය.
සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන වංචා කිරීම පිළිබඳව ආරම්භ කළ මෙම විමර්ශනයට අදාළ කරුණු අදාළ ආයතන වලින් හෙළිකර ගැනීම සඳහා අවශ්‍ය වන නියෝග ඉදිරියේ දී ලබා ගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන් අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය එලෙස දැනුම් දුන්නාය.
ජනාධිපති අරමුදල ඇතුළු ජනතා අරමුදල්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර මුදල් ලබාගෙන වංචා කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව සිද්ධියට අදාළ වාර්තාවක් ගොනු කරමින් රහස් පොලිස් නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.මේ සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයේ දී ජනාධිපති අරමුදල ඇතුළු ජනතා අරමුදල් වලින් මුදල් ලබාගැනීමේ දී යම් යම් සීමා පනවා තිබූ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර
එම සීමාවලට වඩා ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන ඇති බව හෙළි වී ඇතැයි දැනුම් දුන් නිලධාරීහු අනුමත කරන ලද මුදල් උපරිම ප්‍රමාණයටත් වඩා ඔවුන් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද දැනුම් දුන්හ.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අධිකරණයට වාර්තා කරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන සඳහා සහායක් අවශ්‍ය වුවහොත් ඊට අදාළ නියෝග අයැදින ලෙස වැඩිදුරටත් නියම කළාය.
(මනෝප්රිය ගුණසේකර)
0 Comments