rakwana-incident

රෝගීව සිට මියගිය 49 හැවිරිදි පුතුගේ මෘත දේහය භූමදානය සඳහා පියාගේ නිවෙසේ තැන්පත් කර තිබියදී මියගිය පුද්ගලයාගේ බිරිය  බව කියන කාන්තාවක් සහ ඇගේ ඥාති පිරිසක් පෙරේදා (03දා) මෘත දේහය තැන්පත් කර තිබූ නිවෙසට පැමිණ කලහකාරී ලෙස හැසිරි  පියාටත් එහි සිටි සෙසු පිරිසටත් බැන තර්ජනය කර මෘත දේහය බලහත්කාරයෙන් රැගෙන ගොස් එදිනම සන්ධ්‍යාවේ.

භූමදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ගංගොඩවත්තේ පදිංචි පුද්ගලයන් හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව රක්වාන, පොලිසිය පැවැසීය.


කලක් වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටී මියගිය පුද්ගලයා කහවත්ත  රෝහලට  ඇතුළත්ව සිටියදී පසුගියදා (02) විය ගියේය. මීයගිය පුද්ගලයාගේ මෘත දේහය භාර ගැනීමට පියා සහ මරණකරුගේ බිරිය  බව පැවසූ කාන්තාවක් රෝහලේ පැවැති මරණ පරීක්ෂණය හමුවේ ඉදිරිපත් වී සිටියහ, අදාළ කාන්තාව සමඟ නීත්‍යානුකුලව විවාහ වී, නොමැති බවත් මොවුන්ට දරුවන්ද නොමැති බවත් එහිදී අනාවරණය විය. අනතුරුව මියගිය පුද්ගලයාගේ මෘත දේහය ඔහුගේ පියාට භාර දීමට මරණ පරීක්ෂකවරයා  තීරණය කර තිබිණි.


දේහය භාරගත් පියා එහි අවසන් කටයුතු සිදුකිරීම  සඳහා දේහය නිවෙසට රැගෙන විත් ඒ සඳහා වතු සුසාන භූමියේ වළක්ද කපා භූදානය සිදු කිරීමට සියලූ කටයුතු කරමින් සිටියදී මරණකරුගේ බිරිය බව පැවැසූ කාන්තාව සහ ' ඇගේ ඥාතීන් බව කියන පිසක් පැමිණ කලහකාරිව   හැසිරි මෘත දේහය බලහත්කාරයෙන් රැගෙන ගොස් ඔවුන්ගේ අභිමතය පරිදි වතු සුසාන භූමියේ කපා තිබූ වළෙහිම භූමදානය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පියා විසින් පොලිස්  හදිසි ඇමතුම් අංශයට (119) දැනුම් දී අනතුරුව රක්වාන පොලිසියට පැරිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත. ඒ අනුව, ක්‍රියාත්මක වූ පොලිසිය මූලික විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව පැපිඬුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහිදී සැකකරුවන් හතරදෙනා මේ මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බව පොලිසිය සඳහන් කළේය.
(සුරංග තිලකරත්න)