රංගන ශිල්පී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ යැයි කියන හඬ පටයක් සමාජ ගත කරමින් ක්‍රිස්තියානි භක්තිකයන් අතර ආගමික වෛරයක් ඉස්මතු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ “නාමල් කුමාර” නමැති සැකකරු ලබන 15දක්වා රිමාන්ඞ් ඛන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ඊයේ (01) නියෝග කළාය.
සැකකරු සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් ජාත්‍යන්තර සම්මුති පනත යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. නත්තල් දිනයට පෙර දින (24) රන්ජන් රාමනායකගේ යැයි කියන හඬ පටයක් මාධ්‍ය ඉදිරියේ ප්‍රචාරය කරමින්, ක්‍රිස්තියානි ආගමිකයන් අතර වෛරයක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කිරිම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනිණ.
ක්‍රිස්තියානි භක්තිකයන් අතර ආගමික වෛරයක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් ආගමික සංහිඳියාවට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීමට එරෙහිව
මෙම විමර්ශන ආරම්භ කළ බවත්, නත්තල් දිනයට පෙර දින මෙසේ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නිකුත් කරමින් කාදිනල්තුමන්ට හා ආගමට අපහාසයක් වන ආකාරයෙන් කටයුතු කර ඇති බවට ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ විමර්ශන අංශ අංක එක බාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත දල්පදාදු මහතා කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
සැකකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරන බවට සඳහන් කිරිමෙන් පසුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කළාය.කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරික්ෂක ප්රියමාන්න, පොලිස් කොස්තාපල් (8020) ඇල්ලගල යන නිලධාරිහුද අධිකරණයේ පෙනී සිටියහ.
(රෝෂන් තුෂාර)
0 Comments