speaker-speaks

 පාර්ලි­මේ­න්තුවේ ඇතැම් අංශ­වල සේවය කරන කාන්තා­වන්ට ලිංගික හිරි­හැර සිදු­වන බවට පාර්ලි­මේන්තු මන්ත්‍රී මුජී­බර් රහු­මාන් මහතා සිදු කළ ප්‍රකා­ශය පද­නම් කර ගනි­මින් ඒ සම්බ­න්ධ­යෙන් සොයා බැලූ බවත් එවැනි ආකා­රයේ බල­පෑම් සිදු වූ බවට කිසිඳු පැමි­ණි­ල්ලක් අධ්‍යක්ෂ (පරි­පා­ලන) වෙත ලැබී නොමැති බව කාථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය.



මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් සඳ­හන් කළ පෙරේදා (07) දින­යේ­දීම තමන් සොයා බැලු බවත් එවැනි ආකා­රයේ කිසිඳු හිරි­හැ­ර­යක් පිළි­බ­ඳව පැමි­ණි­ල්ලක් ලැබී නොමැති බවත් කථා­නා­ය­ක­ව­රයා සඳ­හන් කළේය.

කෙසේ වුවද අදාළ අංශයේ සේවය කරන පිරිස් කැඳවා මේ සම්බ­න්ධ­යෙන් විම­සීම් තව දුර­ටත් සිදු­ක­රන ලෙස දැනුම් දුන් බවද කථා­නා­ය­ක­ව­රයා සඳ­හන් කළේය.

කථා­නා­යක ජගත් වික්‍ර­ම­රත්න මහතා මේ බව සඳ­හන් කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක, ඇමැති නලින්ද ජය­තිස්ස මහතා මහතා මේ සම්බ­න්ධ­යෙන් සිදු­කළ අද­හස් දැක්වී­මෙන් පසුව සිය අද­හස් දක්ව­මිනි.



එහිදී අද­හස් දැක්වූ ඇමැති නලින්ද ජය­තිස්ස මහතා සඳ­හන් කළේ පාර්ලි­මේ­න්තුවේ සේවය කරන කාන්තා­වන්ට ලිංගික හිරි­හැර සිදු­වන බවට පාර්ලි­මේන්තු මන්ත්‍රී මුජී­බර් රහු­මාන් මහතා සිදු­කළ ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු­කළ යුතු බවයි. එමෙන්ම එවැනි සිදු­වී­මක් සිදුව නොමැ­ති­නම් පාර්ලි­මේ­න්තුවේ සේවය කරන සියලු කාන්තා­වන් දැඩි ලෙස අප­හ­සු­වට පත්වන බවත් හෙතෙම පැව­සිය. එමෙන්ම මෙවැනි සිදු­වී­මක් සම්බන්ධ පැමි­ණිලි ලැබී නොමැති බවට කථා­නා­ය­ක­ව­රයා සිදු­කළ ප්‍රකා­ශය වෙනු­වට මාධ්‍ය ප්‍රමු­ඛ­තාව ලබාදී ඇත්තේ ලිංගික හිරි­හැර සිදු­වන බවට වන පුව­තට බවද ඇමැ­ති­ව­රයා පැව­සීය. කෙසේ වුවද එවැනි සිදු­වී­මක් සිදුව නොමැති නම් ලේකම් මණ්ඩ­ලයේ උප­දෙස් ද සහි­තව මෙය නිවැ­රදි කළ යුතු බවද ඇමැ­ති­ව­රයා පැව­සීය.



එහිදි අද­හස් දැක්වූ පාර්ලි­මේ­න්තුවේ කාන්තා මන්ත්‍රී­ව­රි­යන්ගේ සංස­දය නියෝ­ජ­නය කර­මින් අද­හස් දැක්වූ පාර්ලි­මේන්තු මන්ත්‍රිනි සම­න්මලි ගුණ­සිංහ මහ­ත්මිය සඳ­හන් කළේ, මෙවැනි ප්‍රකාශ සිදු­කි­රී­මේදී වග­කී­මෙන් යුතුව සිදු­කළ යුතු බවයි. මේ සම්බ­න්ධ­යෙන් කාන්තා මන්ත්‍රී­ව­රි­යන්ගේ සංස­දය වෙත පැමි­ණි­ල්ලක් ලැබී තිබේද යන්න සම්බ­න්ධ­යෙන් සොයා බැලු බවත් එවැනි කිසිඳු පැමි­ණි­ල්ලක් ලැබී නොමැති බවත් මන්ත්‍රී­ව­රිය සඳ­හන් කළාය.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී මූජි­බර් රහු­මාන් මහතා සඳ­හන් කළේ මාධ්‍ය වාර්තා කරන ලද මෙවැනි සිදු­වීම් සිදු­ව­න්නේ­නම් ඒ සම්බ­න්ධ­යෙන් මැදි­හ­ත්වන ලෙස තමන් ඉල්ලී­මක් කළ බවයි. මෙවැනි ආකා­රයේ සිදු­වීම් පසු­ගිය පාර්ලි­මේ­න්තුව සම­යේදී සිදුවූ බව මන්ත්‍රී­ව­රයා පැව­සීය.