ප්‍රකට අනාගත වක්තෘකාරියක වූ බාබා වැන්ගා විසින් 2025 වසර වෙනුවෙන් පල කර ඇති අනාවැකි දැන් වැඩි අවධානයකට ලක්ව තිබේ. ඇයගේ පෙර අනාවැකි බොහෝමයක් සත්‍ය වී ඇති බැවින් මෙම නව අනාවැකි පිළිබඳව ද විශේෂ උනන්දුවක් ඇති වී තිබේ.
1911 වසරේ උතුරු මැසිඩෝනියාවේ ස්ටෘමිකා හි උපත ලද බාබා වැන්ගා, වයස අවුරුදු 12 දී ඇයගේ පෙනීම අහිමි වීමෙන් පසු දෛවික ශක්තියකින් අනාගතය දැකීමේ හැකියාව ලැබූ බව විශ්වාස කෙරේ. "බෝල්කන් කලාපයේ නොස්ට්‍රඩේමස්" ලෙස හඳුන්වනු ලබන ඇය, කුප්‍රකට චෙර්නොබිල් ව්‍යසනය, කොවිඩ් වසංගතය, හා ඩයනා කුමරියගේ අභාවය වැනි සිදුවීම් නිවැරදිව පුරෝකථනය කර ඇත.
1996 දී අභාවප්‍රාප්ත වූ ඇය, ක්‍රිස්තු වර්ෂ 5079 දක්වා වාර්ෂික අනාවැකි ප්‍රකාශ කර තිබේ. ඇයගේ මරණය පවා දිනය හා මාසය නිවැරදිව පුරෝකථනය කර තිබීම විශේෂත්වයකි.
2025 සඳහා ප්‍රධාන අනාවැකි
යුරෝපීය මහද්වීපයේ බිඳ වැටීම
බාබා වැන්ගාගේ වඩාත් සංවේදී අනාවැකියක් වන්නේ 2025 දී යුරෝපය තුළ දැවැන්ත අභ්‍යන්තර ගැටුමක් ඇති වන බවයි. මෙම ගැටුම මහද්වීපයේ සමස්ත පැවැත්මට තර්ජනයක් වන තරමට උග්‍ර වනු ඇති බව ඇය පවසයි. ගැටුමට සම්බන්ධ වන පාර්ශව හෝ නිශ්චිත තොරතුරු සඳහන් නොකළ ද, එය අභ්‍යන්තර අර්බුදයක් වන අතර ජනගහනය සැලකිය යුතු ලෙස අඩු වීමට හා කලාපීය විනාශයට හේතු වනු ඇති බව ඇය පෙන්වා දී තිබේ.
ගෝලීය අර්බුදය
යුරෝපීය ගැටුමට අමතරව, ලෝක ව්‍යාප්ත අර්බුදයක් ද ඇති වනු ඇති බව බාබා වැන්ගා පුරෝකථනය කරයි. ඇය විස්තර කරන පරිදි 2025 පුරා "විශ්ව විනාශයේ ආරම්භය" ලෙස හැඳින්විය හැකි ව්‍යසන මාලාවක් සිදු වනු ඇත. මෙම ව්‍යසන නිශ්චිතව සඳහන් නොකළ ද, ඒවා ලෝකය පුරා වෙනස්කම් ඇති කරනු ඇති බව ඇය පවසයි. සම්පූර්ණ මානව වර්ගයා විනාශ නොවුණ ද, එයට ආසන්න තත්ත්වයක් උදා විය හැකි බව අනාවැකියෙන් හැඟෙයි.
විද්‍යාත්මක හා වෛද්‍ය දියුණුව
කෙසේ වෙතත්, ඇයගේ සියලු අනාවැකි අසුභවාදී ඒවා නොවේ. විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව ක්ෂේත්රයන්හි විප්ලවීය සොයාගැනීම් සිදු වනු ඇති බව ද ඇය පුරෝකථනය කරයි. විශේෂයෙන්ම, රසායනාගාරවල නිපදවන අවයව බද්ධ කිරීම් හා පිළිකා වැනි බරපතල රෝග සඳහා සුවිශේෂී ප්‍රතිකාර ක්‍රම සොයාගනු ඇත. මෙම දියුණුව සෞඛ්‍ය සේවා ක්ෂේත්රය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇති අතර, මිලියන ගණනක ජනතාවකට ප්රතිලාභ සැලසෙනු ඇති බව ද, සමහර රටවල ආයු අපේක්ෂාව ඉහළ යනු ඇති බව ද ඇය පෙන්වා දෙයි.
දුර සංවේදන හැකියාව
වඩාත් අභිරහස් අනාවැකියක් වන්නේ 2025 වසරේ සිට මිනිසුන්ට මනස පමණක් භාවිතයෙන් එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබෙන බවයි. මෙය විද්‍යාත්මක දියුණුවක් ද නැතහොත් ආධ්‍යාත්මික සංවර්ධනයක් ද යන්න පැහැදිලි නොවුව ද, නූරාලින්ක් වැනි මස්තිෂ්ක පරිගණක පර්යේෂණ සැලකිල්ලට ගත් විට එය විද්‍යාත්මක දියුණුවක් විය හැකි බව සැලකේ.
ග්‍රහලෝක ජීවීන් සමඟ සම්බන්ධතා
අවසාන වශයෙන්, ඇයගේ වඩාත්ම විචිත්‍ර අනාවැකිය වන්නේ මිනිසා ග්‍රහලෝක ජීවීන් සමඟ යම් ආකාරයක සම්බන්ධතාවයක් ඇති කර ගන්නා බවයි. මෙය ග්‍රහලෝක ජීවීන් වැඩි වශයෙන් දර්ශනය වීම, පෘථිවියේ සිදුවීම් කෙරෙහි ඔවුන්ගේ බලපෑම හෝ යම් ආකාරයක සන්නිවේදනයක් විය හැකි බව ඇය පෙන්වා දෙයි.
----------
කෙසේ වෙතත්, බාබා වැන්ගාගේ අනාවැකි ඇය විසින් ලිඛිතව වාර්තා කර නොමැති බව සැලකිය යුතුය. මෙම අනාවැකි බොහොමයක් ඇය සමඟ කටයුතු කළ පුද්ගලයින් හරහා වාචිකව පැතිර ගොස් ඇත. ඇයගේ සමහර අනාවැකි සත්‍ය වී ඇති නමුත්, වැරදි ඒවා ද තිබේ.
0 Comments