thalangama-army-arrested

මත්ද්‍රව්‍ය ලබා ගැනී­මට යතු­රු­පැදි සොර­කම් කර පාතා­ල­යට විකු­ණන හිටපු හමුදා සෙබ­ළෙකු තලං­ගම 8 කණුව ප්‍රදේ­ශ­යේදී යතු­රු­පැදි හත­රක්, ත්‍රිරෝද රථ­යක් හා යතු­රු­පැදි කොටස් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව තලං­ගම පොලී­සිය පව­සයි.
මෙසේ අත්අ­ඩං­ගු­වට පත්වූයේ මාලඹේ, සම­නල මාවත, තලා­හේන පදිංචි 28 හැවි­රිදි විවා­හක පුද්ග­ල­යෙකි.



මොහු හමුදා සේවයේ සිට පැවි­දිව නැවත උපැ­විදි වී ඇති බව පොලී­සිය පව­සයි. අයිස් මත්ද්‍රව්‍ය භාවි­තය හා ජාවා­රම සිදු කරන මොහු ඒ සඳහා පල්සර් වර්ගයේ යතු­රු­පැදි සොර­කම් කර පාතා­ල­යට විකු­ණන බව අනා­ව­ර­ණය වී තිබේ.

දැනට ඩුබායි රාජ්‍යයේ සිටින පාතාල ක්‍රියා­කා­රි­ක­යෙකු වන බත්ත­ර­මුල්ලේ බන්ටි ඇතුළු තවත් පාතාල අප­රා­ධ­ක­රු­වන් කීප­දෙ­නෙ­කුගේ සමී­ප­ත­ම­යෙකු ලෙස කට­යුතු කරන මොහු සොරා ගන්නා යතු­රු­පැදි පිළි­බඳ වට්ස්ඇප් තාක්ෂ­ණය ඔස්සේ බන්ටිට පවසා ඔහු ලබා­දෙන උප­දෙස් පරිදි ඔහු පව­සන ස්ථාන­යක දමා යන බව පොලී­සිය පව­සයි.



ඉන් පසු එම ස්ථානය පිළි­බඳ ලොකේ­ෂන් දැමූ විට එම යතු­රු­පැදි ලබා­ගෙන ඔහුට මුදල් හෝ අයිස් මත්ද්‍රව්‍ය ලබා­දෙන බව අනා­ව­රණ වී තිබේ. මීට අම­ත­රව මෙම පුද්ග­ලයා යතු­රු­පැදි කොට­ස්කර අලෙවි කර ඇති බවද අනා­ව­රණ වී තිබේ.

මේ අනුව මාලඹේ, බිය­ගම, සපු­ග­ස්කන්ද, තලං­ගම, ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දිය ආදී ප්‍රදේ­ශ­ව­ලට මෙලෙස යතු­රු­පැදි දමා ගොස් ඇති බව අනා­ව­ර­ණය වී තිබේ.

අලු­යම දෙකත් තුනත් අතර කාලයේ නිවෙ­ස්වල ඇති යතු­රු­පැදි සොරා ගන්නා මෙම පුද්ග­ලයා මාලඹේ, පිට්ටු­ගල ප්‍රදේ­ශයේ බෝඩිං කාම­ර­ය­කට රැගෙන ගොස් කොටස් කර ඇති අතර තලං­ගම, උතු­ව­න්කන්ද ප්‍රදේ­ශයේ ඉඩ­මක අත­හැ­ර­දමා ගොස් තිබූ යතු­රු­පැ­දි­යක්ද ඔහුගේ ප්‍රකාශ අනුව සොයා­ගෙන තිබේ.

තලං­ගම පොලී­සිය මොහු අත්අ­ඩං­ගු­වට ගෙන දින හතක රැඳ­වුම් නියෝග මත වැඩි­දුර විම­ර්ශන සිදු­කර ඇති අතර අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව තලං­ගම පොලී­සිය පව­සයි.
(හල්තොට - විනීතා මානෙල් ගමගේ)