thalatha-athukorala-unp

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය  සඳහා  තලතා අතුකෝරළ මහත්මිය පත් කරනු ලැබ තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම කර ඇත.


එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පාලිත රංගෙ බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කරනු ලැබීමෙන් පසු එජාප මහ ලේකම් ධුරය  පුරප්පාඩුව පැවැතිණි.

59 හැවිරිදි තලතා අතුකෝරල  විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන කැබිනට් අමාත්‍යවරයා ලෙසත් අධිකරණ අමාත්‍යවරිය ලෙසත් කටයුතු කර ඇති තැනැත්තියකි.
 හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායක නැසීගිය ගාමිණී අතුකෝරළ ඇයගේ සොයුරෙකි.
තලතා අතුකෝරළ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ 2004 වසරේදී ඇගේ සොහොයුරා වන ගාමිණීගේ අභාවයෙන් පසුවය . ඇය 2004, 2010 සහ 2015 මැතිවරණවලදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය.
සජබ ක්‍රියාකාරීත්වයේ සිටි ඇය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව  ප්‍රකාශ කළේ 2024 අගෝස්තු 21 වැනි දින පාර්ලිමේන්තුවේදීය.

තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස විවේචනය කළ ඇය නැවත එජාපය හා එක්වූවාය. නැසීගිය ගාමිණී අතුකෝරළ එජාපය නගා සිටුවන ලද ප්‍රබල සංවිධාන ශක්තියක් හිමි පුද්ගලයෙකු වූ අතර එජාප නායක රනිල් තලතාගෙන්ද එම කාර්ය භාරය අපේක්ෂා කරන බව දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරයි.