thanamalwila-incident

පෙම්වතා සමඟ පලා­ගිය බාල­ව­ය­ස්කාර දැරි­යක් සොයා කල­වැ­ල්ගල පිහිටි පෙම්ව­තාගේ නිව­සට ගිය තණ­ම­ල්විල පොලී­සියේ ළමා හා කාන්තා කාර්යාං­ශයේ ස්ථානා­ධි­ප­ති­නි­ය­ටත් ප්‍රජා පොලිස් ස්ථානා­ධි­ප­ති­ටත් පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙ­කු­ටත් පහර දුන් පෙම්ව­තාත් ඔහුගේ මවත් පියාත් බාප්පාත් ඇතුළු 05 දෙනෙක් තණ­ම­ල්විල පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.



මෙම පස්දෙනා ඊයේ (09) වැල්ල­වාය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තිබේ.

මෙම පහර දීම සිදුව ඇත්තේ පෙරේදා (08) පෙර­ව­රු­වේ­දීය. ළමා හා කාන්තා කාර්යාං­ශ­යේත් ප්‍රජා පොලිස් ස්ථානා­ධි­ප­තිත් පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන්ය. තුවාල ලැබූ ඔවුන් දෙදෙනා සහ කොස්තා­ප­ල්ව­රයා තණ­ම­ල්විල රෝහ­ලට ඇතු­ළත් කර ඇත.

16 හැවි­රිදි වියේ පසු­වන පාසල් සිසු­වි­යක් වන පෙම්ව­තිය 17 හැවි­රිදි සිය පෙම්වතා සමඟ පලා­ගොස් ඇත්තේ පසු­ගිය නොවැ­ම්බර් මාස­යේ­දීය.

ඒ සම්බ­න්ධ­යෙන් පොලී­සි­යට නොවැ­ම්බර් 28 වෙනිදා ලද පැමි­ණි­ල්ල­කට අනුව විම­ර්ශන පවත්වා පෙම්ව­තිය සිය දෙමා­පි­යන්ගේ භාර­කා­ර­ත්වය යටතේ හම්බ­න්තොට රෝහ­ලට ඇතු­ළත් කර­මින් පෙම්ව­තාව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. අධි­ක­රණ වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කින් පසු නැව­තත් නි‍ෙව­සට ගොස් සිටි­යදී නැව­තත් මෙම බාල­ව­ය­ස්කා­රිය අතු­රු­දන්ව තිබෙන බව පොලී­සිය කියයි. ඒ සම්බ­න්ධ­යෙන් මාස­ය­කට වැඩි කාල­යක් පොලී­සිය විම­ර්ශන පැවැ­ත්වු­වත් පෙම්ව­තාත් පෙම්ව­ති­යත් සොයා­ගැ­නී­මට ලැබී නැත.

අතු­රු­දන්ව සිටින බාල­ව­ය­ස්කා­රිය පෙම්ව­තාගේ නිවසේ රැඳී සිටින බවට පොලී­සි­යට තොර­තු­රක් ලැබී ඇත්තේ පෙරේදා (08)ය. ඒ අනුව පොලිස් නිල­ධා­රින් එම නි‍ෙව­සට ගොස් ඇත්තේ ඒ ගැන සොයා බැලී­ම­ටය. එහිදී පොලිස් නිල­ධා­රින්ට නිරී­ක්ෂ­ණය වී ඇත්තේ බාල­ව­ය­ස්කා­රිය එම නිවසේ රැඳී සිටින බවය. පොලිස් නිල­ධා­රින් නිවෙ­සට ගිය විට නිවැ­සි­යන් දැරි­යව නි‍ෙව­සින් පන්න­මින් පොලිස් නිල­ධා­රින්ට පහර දී ඇත්තේ අතින් පයින් හා පොලු­ව­ලින් බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.
(ගයාන් කුමාර වීර­සිංහ)