three-wheel-accident

පුත්ත­ලම දෙස සිට අනු­රා­ධ­පුර දෙසට ගමන් කළ ත්‍රිරෝද රථ­යක් ඉදි­රි­යෙන් පාර හරහා දිව­ගිය සුන­ඛ­යෙ­කුගේ ගැටීම වැළැ­ක්වී­මට යෑමේදී එම ත්‍රිරෝද රථය මාර්ගය හරහා පෙරළී ගොස් බස් රථ­යක ගැටීම හේතු­වෙන් පෙරේදා (05) දොළොස් හැවි­රිදි පාසල් දරු­වකු ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇති බව රාජාං­ග­ණය පොලී­සිය පව­සයි.





මෙලෙස ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත්තේ හලා­වත වැලි­හේන ප්‍රදේ­ශයේ පදිංචි ෂෙවොන් මෙලීෂ නමැති 12 හැවි­රිදි සිසු­වෙකි.

ත්‍රිරෝද රථය පුත්ත­ලම දෙස සිට අනු­රා­ධ­පුර දෙසට ධාව­නය කරන අව­ස්ථා­වේදී රාජාං­ගණ හන්දිය ප්‍රදේ­ශයේ, 39 සහ 40 වන කිලෝ­මී­ටර් කණු දෙක අතර දී මෙම අන­තුර සිදුව ඇති බව පොලී­සිය පව­සයි.

පාර හරහා දිව­ගිය සුන­ඛ­යාගේ ගැටීම වැළැ­ක්වීම සඳහා ත්‍රිරෝද රථ රියැ­දුරා එක්ව­රම දකුණු පසට රථය හැරවූ අව­ස්ථා­වේදී ත්‍රිරෝද රථය පෙරළී මාර්ගය දිගේ ඇදී ගොස් අනු­රා­ධ­පුර සිට පුත්ත­ලම දෙසට විශේෂ චාරි­කා­වක් නිම­කර ගමන් කර­මින් තිබූ පෞද්ග­ලික බස් රථයේ මුහු­ණට මුහුණ ගැටී ඇති බව පොලී­සිය සඳ­හන් කළේය.



අන­තු­රින් ත්‍රිරෝද රථයේ පිටු­පස ගමන් කළ පුද්ග­ල­යකු සහ එම දරුවා ප්‍රති­කාර සඳහා නොච්චි­යා­ගම රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර එම අව­ස්ථා­වේදී කුඩා දරුවා ජීවි­ත­ක්ෂ­යට පත් වූ බවත්, බර­ප­තළ තත්ත්වයේ පසුවූ ත්‍රිරෝද රථයේ රියැ­දුරා වන වැලි­හේන හලා­වත පදිංචි 66 හැවි­රිදි රූපන් බෙන­ඩික් යන අය අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කළ බව පොලී­සිය පව­සයි.

මෙම අන­තුර සම්බ­න්ධ­යෙන් සැක­පිට පුත්ත­ලම ප්‍රදේ­ශයේ පදිංචි බස් රථ රියැ­දුරා අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.

අන­තුර සම්බ­න්ධ­යෙන් රාජාං­ග­ණය පොලී­සියේ නිල­ධා­රීහු කණ්ඩා­ය­මක් වැඩි­දුර විම­ර්ශන සිදු කරති.
(අනු­රා­ධ­පුර බී.ජී. චතු­රංග)