රජය විසින් කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම නවමු අයුරින් ශක්තිමත් කිරීමට තීරණය කර ඇත. ඊයේ (04) දින සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.
"අපි මේ ආයතනය වසා දැමීමට නොව, තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමටයි සූදානම්" යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය. පසුගිය කාලයේ නිසි කළමනාකරණයක් නොමැතිව පැවති මෙම ආයතනය, දැන් ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලන ප්රමුඛ ආයතනයක් ලෙස නැවත ගොඩනැගීමට සැලසුම් සකස් කර ඇත.
වැඩි දියුණු කිරීමේ සැලැස්මේ එක් ප්‍රධාන අංගයක් වන්නේ දේශීය ගොවීන් සමග සබඳතා ශක්තිමත් කිරීමයි. ඔවුන්ගේ බඩඉරිඟු හා සෝයා නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළඳපොළක් සැපයීමට ත්‍රිපෝෂ සමාගම කටයුතු කරනු ඇත.
සමාගමේ සාර්ථකත්වය පෙන්නුම් කරමින්, 2023 වර්ෂයේ ලාභාංශ වෙනුවෙන් රුපියල් මිලියන 11ක චෙක්පතක් මුදල් අමාත්‍යාංශයට භාර දෙන ලදී. මෙය සමස්ත ලාභාංශ මිලියන 165න් කොටසකි.
0 Comments