තායිලන්තයේදී ඇතෙකු ස්නානය කරවමින් සිටියදී ප්‍රහාරයකට ලක්ව 22 හැවිරිදි ස්පාඤ්ඤ සංචාරක කාන්තාවක මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා අනුව බ්ලන්කා ඕජන්ගුරෙන් ගාර්සියා නැමැති සිසුවිය තම පෙම්වතා සමඟ තායිලන්තයේ නිරිතදිග යාඕ යායි දූපතට ගොස් සිටියදී මෙම ප්‍රහාරය සිදුව ඇත.
කොහ් යාඕ ඇත් රැකවරණ මධ්‍යස්ථානය, සිද්ධිය සිදුවූ ස්ථානයයි.
කොහ් යාඕ ඇත් රැකවරණ මධ්‍යස්ථානයේ සේවකයෙකු පැවසූ පරිදි, යුවළ ඇතෙකු ස්නානය කරවමින් සිටියදී මෙම කාන්තාව ඇතාටඉදිරියෙන් ගිය අවස්ථාවේ ඇතා තම දළවලින් ඇයට පහර දී ඇත.
පසුව ඇය තුවාලවලින් මිය ගොස් ඇත.
විශේෂඥයින් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ සංචාරකයින් සමඟ ජීවත්වීමේ හා අන්තර්ක්‍රියා කිරීමේ පීඩනය නිසා ඇතා විය හැකි ආතතියට පත්ව සිටි බවයි. "කොහ් යාඕ ආයතනය ඇතුන් සමඟ හැසිරවීමේදී වගකීම් සහගත හා සදාචාරාත්මක අන්තර්ක්‍රියා සැපයීමට" කැපවී සිටින නමුත් මෙය අත්වැරැද්දක් ලෙස සිදුවූ බව ඔවුහු පවසති.
ඇතුන් ස්නානය කරවීම තායිලන්තයේ ඇත් මධ්‍යස්ථාන වල ජනප්‍රිය ක්‍රියාකාරකමක් වන අතර, සමහර සතුන් සංචාරකයින් සඳහා රංගනයේද යෙදෙති.
මියගිය ගාර්සියා ගේ හිටපු පාසල වන පිනොල්බාර් සංවර්ධන පාසල ඇයගේ මරණය ගැන "කම්පනයට" පත්ව සිටින බව පවසයි."සදාකාලිකවම අපේ හදවත් තුළ, ප්‍රිය බ්ලන්කා," යනුවෙන් සමාජ මාධ්‍ය පළ කිරීමක සඳහන් විය.
ජාතික උද්‍යාන, වනජීවී හා ශාක සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පසුගිය වසර 12 තුළ වන ඇතුන්ගේ ප්‍රහාර වලින් මරණ 240 ක් වාර්තා වී ඇත.
තායිලන්තයේ අභයභූමි, ජාතික උද්‍යාන සහ ස්වභාව රක්ෂිත වල වන ඇතුන් 4,000 ක් පමණ ජීවත් වන බව ඇස්තමේන්තු කර ඇත.
0 Comments