udayanga-release-free

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අසල්වැසියෙකුට පහරදී නාසය කැඩීමේ චෝදනාව මත මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මායිම් බිත්තියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් නුගේගොඩ,

තලපත්පිටිය පදිංචි අවුරුදු 66ක් වූ සරත් චන්ද්‍රසිරි නමැති පුද්ගලයාට ප්ලාස්ටික් බටයකින් පහරදීම සිදුකර ඇත. මෙම පහරදීම හේතුවෙන් වින්දිතයාගේ නාසයට බරපතල හානි සිදුව ඇති අතර, ඔහු දැනට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග මහතා අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.



රුසියානු තානාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ අවි අලෙවිය සම්බන්ධ චෝදනා ඔහුට එල්ල වූ අතර, ඒ සම්බන්ධයෙන් යුක්රේන බලධාරීන් සහ ශ්‍රී ලංකා රජය යන දෙඅංශයෙන්ම විමර්ශන සිදු විය. ශ්‍රී ලංකා හමුදාව සඳහා මිග්-27 ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ වංචාවලට සම්බන්ධ බවට ඔහුට චෝදනා එල්ල විය.
උදයංග වීරතුංග යනු හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සමීපතම ඥාතියෙකි.