
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (ජනවාරි 25) දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුතු යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබූ අතර, මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් ඔහු ජනවාරි 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අලුත්කඩේ අංක 05 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය ඉදිරියේ පැවති විභාගයෙන් අනතුරුව, සැකකරු ලබන සඳුදා (ජනවාරි 27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. මෙම නඩු කටයුත්තට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතී.
රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක වටිනාකමින් යුත් නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරනු ලබන විමර්ශනයකට සම්බන්ධව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමේදී අද උදෑසන සැකකරු අත්අඩංගුවට ගන්නා ලදි.
ඉන් අනතුරුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන විත් එහිදී සැකකරුගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව, ඔහු අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් පුළුල් ලෙස සිදු කරමින් පවතින අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අමතර සාක්ෂි රැස් කිරීමේ කටයුතු ද සිදු කරමින් පවතී.
සිද්ධියට සම්බන්ධිත පෙර විස්තරය,
යෝෂිත රාජපක්ෂ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට
Comments
Post a Comment
Your comment will be visible after approval