weligama-murder

වැලිගම පොලිස් වසමට අයත් මහානැවියා පාර, වල්ලිවල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට 2025 ජනවාරි 04 වන දින අලුයම 1.00ට පමණ වෙඩි තැබීමක් සිදුකර ඇත. එම වෙඩි තැබීමෙන් වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි විසිඅට හැවිරිදි අකාෂ් තාරුක් නැමැති තරුණයා මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.





මූලික පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇති පරිදි යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ටී 56 ගිනි අවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත. කෙසේ වෙතත්, වෙඩි තැබීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැත.
මියගිය අය මළගෙදරක ගොස් එමින් සිටියදී ප්‍රහාරයට ලක්ව ඇති බවත් මළ ගෙදර  පසුගියදා මාතර බන්ධනාගාරයේ ගසක් කඩාවැටී මරණයට පත් සිරකරුවකුගේ එකක් බවත් වාර්තා විය.



මෙම සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ප්‍රථමයෙන් වැලිගම වලාන රෝහල වෙත ඇතුළත් කර, අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.