wimal-yoshitha-cid
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිනි අතර මූල්‍ය විමර්ශන අංශය වෙත ගිය විමල් වීරවංශ ගෙන්

බැසිල්ගේ මුදල් අවභාවිතාව ගැන ප්‍රශ්න කිරීමක් සිදුව ඇතැයි වාර්තාවේ.

මාධ්‍ය ආයතනයක වැඩසටහනකදී බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඒ මහතා එම අංශය වෙත කැඳවා තිබුණි.
බැසිල් ගේ මුදල් විශුද්ධීකරණය ගැන කරන  විමර්ශනයට විමල්ගෙන් තොරතුරු ලබාගැනීමට මෙලෙස ප්‍රකාශ සටහන් කර ගන්නා බව වාර්තා විය.
මේ අතර යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණියේ
කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
කතරගම ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ‍


ප්‍රකාශ ලබාගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නිආරච්චි යන අය දෙසැම්බර් 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණු නමුත් එම අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නෙවිල් වන්නිආරච්චි පමණි.
මේ නිසා යෝෂිතට නැවත කැඳවීමක් ලැබුණි.