jayantha-to-america-yasoja-to-canberra-mahishini-to-new-delhi-new-governments-ambassadors-ready

නව රජය විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් රැසක් ආපසු කැඳවීමෙන් පසු අලුතින් පත්කිරීමට නියමිත අයගේ නාම ලේඛනය අවසන් කරමින් සිටී. හිටපු අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා ස්ථිර නියෝජිත ලෙස කටයුතු භාර ගැනීමට නියමිතය.



ඔහු පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අනෙකුත් දේශපාලන පත්වීම්ලාභීන් සමඟ ආපසු කැඳවනු ලැබූ තවත් හිටපු අග්‍රවිනිශ්චයකාරවරයෙකු වන මොහාන් පීරිස් මහතා වෙනුවට පත්වේ.

ශ්‍රී ලංකා විදේශ සේවයේ වැඩිම සේවා කාලයක් සපුරා ඇති යසෝජා ගුණසේකර මහත්මිය කැන්බරා නුවර මහ කොමසාරිස් ධුරය භාර ගැනීමට නියමිත අතර, 2011 සිට 2014 දක්වා ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස සේවය කළ මහිෂිනි කොලොන්නේ මහත්මිය නව දිල්ලියේ මහ කොමසාරිස් ලෙස පත්වීමට නියමිතය.

මෙම නිලධාරිනියන් දෙදෙනාම දීර්ඝ පළපුරුද්දක් ඇති වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙති.

ඒ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජනක කුමාරසිංහ මහතාද සිටී. මෑතකදී විශ්‍රාම ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාද තානාපති තනතුරක් ලැබීමට නියමිතය. විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසා සිටියේ මෙම නම් ලේඛනය අවසන් කරමින් පවතින බවයි.

පසුගිය වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පරිපාලනය දේශපාලනික පදනමින් පත්කරන ලද දූත මණ්ඩල ප්‍රධානීන් 16 දෙනෙකු ආපසු කැඳවීය. අමාත්‍ය හේරත් මහතා එවකට පැවසූ පරිදි, අදාළ කලාපවල අවශ්‍යතා අනුව විදේශ සේවයෙන් මෙන්ම අනෙකුත් වෘත්තීන්ගෙන්ද ආදේශකයින් පත් කරනු ලැබේ.

රජය විසින් මෙම තනතුරු සඳහා සුදුසු පුද්ගලයින් තෝරා ගැනීමේදී ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, පළපුරුද්ද සහ විෂය දැනුම වැනි සාධක සැලකිල්ලට ගෙන ඇති නමුත් ,

ශ්‍රී ලංකාවේ බොහෝ තානාපති කාර්යාල වෘත්තීය නොවන (දේශපාලන) පත්වීම්ලාභීන්ගෙන් පිරවීමට ඉඩ ඇත.