
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව සිටින සැකකරු අද දින (මාර්තු 28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී අදාළ වෛද්‍යවරිය විසින් හඳුනාගනු ලැබුවාය.
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද දින කැඳවූ මෙම නඩුවේදී, පසුගිය නඩුවාර දෙකෙහිදීම අධිකරණයට පැමිණ නොසිටි වෛද්‍යවරිය අද දින අධිකරණයට පැමිණ සිටියාය. මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයේදී පැවැත්වූ හඳුනාගැනීමේ පෙරට්ටුවේදී, අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකාගාරය තුළදී තමා ලිංගික හිංසනයට ලක් කළ සැකකරු වෛද්‍යවරිය විසින් නිවැරදිව හඳුනාගනු ලැබීය.
මෙම සිද්ධියට අදාළ සැකකරු, වෛද්‍යවරිය බිය ගන්වා ලිංගික හිංසනයට ලක් කිරීමේ චෝදනාව මත, සිද්ධිය වාර්තා වී පැය 24ක් ගත වීමටත් පෙර ගල්නෑව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදවා තිබූ අතර, අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත.
පොලිස් වාර්තා අනුව, ළමා රෝග පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන,
අවිවාහක හා වයස අවුරුදු 32ක් වන මෙම වෛද්‍යවරිය, සිය පැමිණිල්ලේ
විස්තරාත්මකව සිදුවීම පැහැදිලි කර ඇත.
''මම පසුගිය 10 වැනිදා සවස
03.30ට රාජකාරි අවසන් කරලා වෛද්‍ය නේවාසිකාගාරයට පැමිණියා. පසුව ත්‍රිරෝද
රථයකින් රුවන්වැලි සෑයට ගිහින් වැඳපුදාගත්තා. ඊට පස්සේ ත්‍රිරෝද රථයකින්ම
සවස 06.30ට විතර වෛද්‍ය නේවාසිකාගාරයට පැමිණියා.
යනුවෙන් වෛද්‍යවරිය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු යුද හමුදා සෙබළා වන වී. නිලන්ත මධුරංග (34) පොලිස් වදහිංසන සහිත ප්‍රශ්න කිරීම් නිසා ඇතිවූ ගැටලු හේතුවෙන් රෝහල්ගත කරද සිටි අතර ඔහුගේ ගුද මාර්ගයේ ඇතිවූ සංකූලතා මේවනවිට පහවගොස් තිබේ.
මේ අතර, සැකකරුට නවාතැන් පහසුකම් ලබා දෙමින් රැකවරණය ලබාදීමේ හා වෛද්‍යවරියගේ දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාව මත
සැකකරුගේ වැඩිමහල් සහෝදරිය වන ගල්කඩවල, කටුගහගරය, ඊතණ ඇළ පාරේ පදිංචි
සාලිකා හර්ෂනී රත්නායක ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර මහේස්ත්‍රාත්වරයා ඇය මාර්තු 17 ඇප ලබාදී තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval