
01. මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට - එරගම පොලිස් වසම.
2025.02.19 වන දින සවස් කාලයේ එරගම පොලිස් වසමේ අරෆා නගර් ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් එරගම පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව මෙම අපරාධය සිදු කල සැකකරු අපරාධයෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් වැලිකන්ද පොලිස් වසමේ කටුවන්විල ප්‍රදේශයේ සැගව සිටියදී එරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් 2025.03.12 වන දින සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
02. මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු - දඹගල්ල පොලිස් වසම.
2025.03.11 වන දින උදෑසන කාලයේ දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් පුළුස්සා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් දඹගල්ල පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු 2025.03.13 වන දින සවස් කාලයේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 35 ක් වූ ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. දඹගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
03. ජීව අත්බෝම්බයක් සමඟ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට - කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.
2025.03.13 වන දින සවස් කාලයේදී මෝදර පොලිස් වසමේ ආසිරිපුර වත්ත ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරකට අනුව මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධව සිදු කල විමර්ශනයේදී 2024 වර්ෂයේ දී මෝදර පොලිස් වසමේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධයේ යතුරු පැදියේ පැදිකරු බවට අනාවරණය වී ඇති අතර, මොහු දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය මෙහෙයවන පුද්ගලයෙකු බවට අනාවරණය වි ඇත.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
04. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - අතුරුගිරිය පොලිස් ස්ථානය.
2025.03.13 වන දින සවස් කාලයේ අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේදී අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 71 මිලිග්‍රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36 ක් වන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
05. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය.
2025.03.13 වන දින සවස් කාලයේ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ස්ටුවට් වීදිය ප්‍රදේශයේදී කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 580ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50 ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
06. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - ගම්පහ පොලිස් ස්ථානය.
2025.03.13 වන දින රාත්‍රී කාලයේ ගම්පහ පොලිස් වසමේ කොස්ඕවිට හා මාදැල්ගමවුව ප්‍රදේශවලදී ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 700ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 900ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 හා 67 යන වයස්වල පසුවන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
07. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාරියක් අත්අඩංගුවට - සීදූව පොලිස් ස්ථානය.
2025.03.13 වන දින අළුයම් කාලයේ සීදූව පොලිස් වසමේ මූකලන්ගමුව ප්‍රදේශයේදී සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 මිලිග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 40 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
08. හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය.
2025.03.13 වන දින දහවල් කාලයේ දෙහිවල පොලිස් වසමේ නැදිමාල ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 32 මිලිග්‍රෑම් 550 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වන නැදිමාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
09. හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - මොරටුව පොලිස් ස්ථානය.
2025.03.13 වන දින රාත්‍රී කාලයේ මොරටුව පොලිස් වසමේ පොල්වත්ත ප්‍රදේශයේදී මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 230ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
10. හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට - බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය.
2025.03.13 වන දින දහවල් කාලයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ පුවක්ගහවත්ත ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 220 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 43 ක් වන කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
11. මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - රස්නායකපුර පොලිස් ස්ථානය.
2025.03.13 වන දින දහවල් කාලයේ රස්නායකපුර පොලිස් වසමේ උඩහේනේගම ප්‍රදේශයේදී රස්නායකපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 61 ක් වන කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
රස්නායකපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
12. මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - කන්දකැටිය පොලිස් ස්ථානය.
2025.03.13 වන දින දහවල් කාලයේ කන්දකැටිය පොලිස් වසමේ ගිගිරිපුදාම ප්‍රදේශයේදී කන්දකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වන කුරුවිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කන්දකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. වැටලීමට අදාල වීඩියෝ පටයක් මේ සමඟ යොමුකරමි.
13. තීරුබදු නොගෙවා මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් හා එනසාල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - ගුවන්තොටුපල පොලිස් ස්ථානය.
2025.03.13 වන දින සවස් කාලයේ කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී ගුවන්තොටුපල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර විදේශ රටක සිට මෙරටට ගුවන් යානයකින් පැමිණි පුද්ගලයෙකු නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් බෝතල් 42 ක් හා එනසාල් කිලෝ 25 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැඩිදුර විමර්ශන ගුවන්තොටුපල පොලිස් ස්ථානය මගින් සිදු කරයි. මෙම වැටලීමට අදාල ඡායාරූපයක් මේ සමඟ යොමු කරමි.
14. බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවකු අත්අඩංගුවට - නොර්වුඩ් පොලිස් ස්ථානය.
2025.03.13 වන දින රාත්‍රී කාලයේ නොර්වුඩ් පොලිස් වසමේ වෙන්චර් වතුයාය ප්‍රදේශයේදී නොර්වුඩ් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු මැණික් ගැරීමට යොදා ගත් උපකරණ සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47ක් වන නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
නොර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.
15. දියේ ගිලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්වීමක් - හිනිදුම පොලිස් වසම.
2025.03.13 වන දින සවස් කාලයේ හිනිදුම පොලිස් වසමේ ගිංගඟේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බවට හිනිදුම පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
අතුරුදහන් වූ අයවලුන් අවුරුදු 38 හා 49 යන වයස්වල පසුවන අක්මීමන හා පෝද්දල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
අතුරුදහන් වූ දෙදෙනා ඥාති නිවසකට පැමිණ එම නිවැසියන් සමග දියනෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අතුරුදහන්වූ අයවලුන් සොයා හිනිදුම පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.
16. නාදුනන මෘත ශරීරයක් හමුවීම- බදුල්ල පොලිස් වසම.
2025.03.13 වන දින උදෑසන කාලයේ බදුල්ල පොලිස් වසමේ බෝලියද්ද ප්‍රදේශයේ බදුලුඔය දෙල්ගහවල වැලි වලේ පුද්ගල මල සිරුරක් ඇති බවට බදුල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
17. මාරක රිය අනතුරක් - ගන්දර පොලිස් වසම.
2025.03.13 වන දින උදෑසන කාලයේ ගන්දර පොලිස් වසමේ බෙලිවත්ත පාතේගම අතුරු මාර්ගයේ ගම්මඩුව ප්‍රදේශයේදී පාතේගම දෙස සිට බෙලිවත්ත දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කල කාන්තාවක් බරපතල තුවාල ලබා තලල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 69 ක් වූ පාතේගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු හා ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. ගන්දර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
18. මාරක රිය අනතුරක් - මරදාන පොලිස් වසම.
2025.03.13 වන දින සවස් කාලයේ මරදාන පොලිස් වසමේ ඩාලි පාර ප්‍රදේශයේදී ගිනි නිවන හමුදා හන්දිය දෙස සිට ඉබ්බන්වල හන්දිය දෙසට ගමන් කල පාපැදිකරුවෙකු ප්‍රථිවිරුද්ධ දෙසින් ධාවනය වූ කාර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පාපැදිකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 60 ක් වූ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
19. මාරක රිය අනතුරක් - තණමල්විල පොලිස් වසම.
2025.03.13 වන දින දහවල් කාලයේ තණමල්විල පොලිස් වසමේ තණමල්විල උඩවලව මාර්ගයේ කිලෝමීටර් 25 කණුව ආසන්නයේදී තණමල්විල දෙස සිට උඩවලව දෙසට ධාවනය කළ යතුරු පැදියක් ප්‍රථිවිරුද්ධ දෙසින් ධාවනය වූ කාර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරුකර යවා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 55 ක් වූ කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval