
මාතර වැලිගම 'ඩබ්ලිව්. 15' හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවකු වශයෙන් නම්කර නොමැති කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා අත්අඩංගුවට නොගන්නා බවට දී තිබූ එකඟතාව නීතිපතිවරයාගේ විරෝධතාවට යටත්ව අප්‍රේල් 28 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (26) නියෝග කළේය.
මාතර වැලිගම 'ඩබ්ලිව්. 15' හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් අටදෙනකු ගොනුකර ඇති පෙත්සම් කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස නියම කර ඇත. අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේ එම තීරණය ප්‍රකාශයට පත් කෙරිණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා කරුණු දක්වමින් සඳහන් කළේ, සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම්කර සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති එම්. සිල්වා මහතා ඇතුළු නිලධාරින් හයදෙනා පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බවට දැනුම් දී ඇති බැවින්
ඔවුන්ගේ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා සිටින බවයි.
කෙසේ වෙතත්, සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා සහ ජගත් නිශාන්ත යන පෙත්සම්කරුවන්ගේ පෙත්සම් සඳහා වැඩිදුර ලේඛන ඉදිරිපත් කර කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම ඉල්ලීමට දැඩි විරෝධය පළකළ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය, පෙත්සම්කරුවන් හයදෙනකු මේ වන විටත් පෙත්සම් ඉවත් කරගෙන ඇති පසුබිමක් තුළ මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බව අධිකරණයට පෙන්වා දුන්නාය.
එමෙන්ම, මෙම පෙත්සමට පාදක වන මාතර මහේස්ත්‍රාත් අධිකරණ නඩු ගොනුවේ පූර්ණ වාර්තාවක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන බව පෙත්සම්කරුවන් මීට පෙර දැනුම් දුන්නත්, ම
ෙතෙක් එම වාර්තාව ඉදිරිපත් කර නොමැති බවත්, පෙත්සම්කරුවන් කරුණු වසන් කර ඇති බවත් මහේෂිකා ද සිල්වා මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නාය.
මේ අනුව, විධිමත් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති හෙයින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එරාජ් ද සිල්වා මහතා, මාතර නඩු වාර්තාව ලබා ගැනීමේ ප්‍රමාදයක් සිදුවූ බව පවසමින්, එම තොරතුරු සහිත සම්පූර්ණ ලේඛන ඉදිරිපත් කරමින් කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා, ඉතිරි පෙත්සම්කරුවන්ගේ කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම් අප්‍රේල් 28 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.
මෙම නඩුවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ දිමුතු කුරුප්පුආරච්චි මහත්මියගේ උපදෙස් මත නීතිඥ දමින්ද විජේරත්න මහතා සමග ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන අතර, අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියට පවත්වාගෙන යනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval