
තණමල්විල ප්‍රදේශයේ පහළොස් හැවිරිදි දැරියකට ලිංගික අතවරයක් කිරීමේ චෝදනාවට 50 හැවිරිදි පුද්ගලයෙකු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු දැරියගේ පියාගේ මිතුරෙකු බවත්, ඔහු දැරියගේ පියා සමඟ මත්පැන් පානයට ඇබ්බැහි වූ අයෙකු බවත් වාර්තා වේ.
සිද්ධිය වූයේ සැකකරු සහ දැරියගේ පියා එකට මත්පැන් පානය කිරීමෙන් අනතුරුව, පියා නිවසින් පිටව ගිය අවස්ථාවේදීය. එම අවස්ථාවේ සැකකරු දැරියගේ ගෙලට පිහියක් තබා බිය ගන්වා, නිවසේ වත්ත පහළට කැඳවාගෙන ගොස් ඇයට ලිංගික අතවර කර ඇති බව පොලිස් වාර්තාවල සඳහන් වේ.
දැරිය නිවසේ නොමැති බව දැනගත් පසු ඇයගේ පියා සොයා බැලූ අවස්ථාවේදී, ඇය අසල ළඳු කැළෑවේ සිට නිවසට පැමිණ ඇත.
අනතුරුව, දැරිය සිදුවීම පිළිබඳව තම මවට දැනුම් දී ඇති අතර, මව සහ දැරිය තණමල්විල පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කර ඇත.
අසල්වැසියෙකු වන සැකකරු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහලට ඇතුළත් කර ඇති අතර, තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ඩී.එම්.පී. බණ්ඩාර මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval