Before surrendering, Deshabandu was hiding in the house of Thalawathugoda millionaire Suranga.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ප්‍රවාහන පහසුකම් සැපයීම සහ රැකවරණය ලබාදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබූ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගිනි තොට පොල් වත්තගේ සුරංග සංජීව වීරසූරිය මහතා රුපියල් ලක්ෂ දහයක (10) ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා ඊයේ (29) දින නියෝග කළේය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කරන ලද පරීක්ෂණවලදී හෙළිදරව් වූ කරුණු අනුව, බන්ධනාගාරගත කර සිටි අතරතුර අනිවාර්ය නිවාඩු මත සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අධිකරණයට භාරවීමට පෙර රැකවරණය සහ ප්‍රවාහන පහසුකම් සැපයීමේ චෝදනා ඔස්සේ මෙම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ.
මොහුට අයත් තලවතුගොඩ පිහිටි නිවසක දේශබන්දු සැගවී සිට ඇති අතර තමාව අත්අඩංගුවට ගන්නට රටම සොයද්දී ව්‍යාපාරිකයා සමග ඒ සියල්ල රූපවාහිනිය ඔස්සේ නරඹමින් කිසිවක් නොකර තමන්ට අයත්ව තිබූ පොලිසියට මෙන්ම අධිකරණයේ ඇස් වලට වැලි ගසා සැඟවී සිටියේය.
වාර්තාවන ආකාරයට කෝටිපති වයාපාරිකයාට දේශබන්දු තෙන්නකෝන්ගෙන් විශාල පරිමාණයේ වාසි ලැබී තිබී ඇති අතර දෙන්නා අතර විශේෂ හිතවත්කමක් තිබී ඇත.

තලවතුගොඩ ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචි සුරංග සංජීව වීරසූරිය මහතා
තම මෝටර් රථ යොදාගනිමින් හිටපු පොලිස්පතිවරයාට ප්‍රවාහන පහසුකම් සපයා ඇති බවටද සාක්ෂි ලැබී ඇත.
පොලිස් කොස්තාපල්වරයෙක් සහ කෝටිපති ව්‍යාපාරිකයා යන දෙන්නා පමණක් මෙම මෙහෙයුමට සම්බන්ධව ඇති බව දැනට ලැබී ඇති තොරතුරු අනුව අනාවරණය වේ.විමර්ශන නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව, පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා කාලය තුළ සති තුනක් පමණ දේශබන්දු තෙන්නකෝන් මහතා නීතියෙන් සැඟවී සිටීමට සහාය වීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම කරුණු මත පදනම්ව,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපාරිකයා දෙවතාවක් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබේ.

ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව, සැකකරු තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇතුළත් වී තිබේ. ඔහු පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව සිටියදී, මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරන ලද විශේෂ ඉල්ලීමක් අනුව, වැඩබලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා රෝහලට පැමිණ සැකකරුගේ තත්ත්වය පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඇප නියෝගය ලබා දී ඇත.

මෙම නඩුවේ වැඩිදුර විභාග කටයුතු 2025 අප්‍රේල් මස 03 වන දින නැවත කැඳවීමට නියමිත ය.