
කැලණිය විශ්වවිද්‍යාලය ඉතා කෙටි කාලයක් තුළ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙකු අහිමි වීමේ ශෝකජනක තත්ත්වයකට මුහුණ පා සිටී. විශේෂයෙන්ම මෑතකදී සිදුවූ තවත් අවාසනාවන්ත අභාවයක් ලෙස ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යනාංශයේ කථිකාචාර්ය රුසිරු චිත්‍රසේන මහතා හදිසි අභාවයට පත්ව ඇත.
පසුගිය මාර්තු 29 වැනි දින හදිසි හෘදයාබාධයක් හේතුවෙන් 36 හැවිරිදි කථිකාචාර්ය රුසිරු චිත්‍රසේන මහතා අකල් මරණයට පත්ව ඇත. ඔහු නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටි අතරතුරදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇති අතර ඔහු ග්‍රහමාරුවක් ගැන බියෙන් පසුව සිටි බවද පැවසිණි.
මීට පෙර, මාර්තු 18 වැනි දින කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා හදිසි රිය අනතුරකින් මිය ගොස් ඇත.
ඔහු 46 වන වියේ පසුවූ අතර, මාර්තු 21 වැනි දින කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යනාංශයේ 59 හැවිරිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලක්ෂි ප්‍රේමවර්ධන මහත්මිය ද හදිසියේ අභාවප්‍රාප්ත වූවාය.
දින කිහිපයක් තුළ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙකුගේ අභාවයන් කැලණිය විශ්වවිද්‍යාලයට පමණක් නොව සමස්ත ජාතියටම දැඩි පාඩුවක් ලෙස සැලකේ.
රුසිරු චිත්‍රසේන මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරෙකු සමාජ මාධ්‍යයේ ප්‍රකාශ කර ඇති පරිදි, ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයන අංශයේ (DELT) කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කර ඇත. ඔහු විශ්වවිද්‍යාල සමයේ සිටම හිතවත්කම් පැවැත්වූ, අනුන්ට උදව් කිරීමට කැමති,
ජ්‍යෙෂ්ඨත්වයෙන් හිස උදුම්මා නොගත් පුද්ගලයකු ලෙස විස්තර කර ඇත.
එම සමාජ මාධ්‍ය පණිවිඩයේ තවදුරටත් සඳහන් වන පරිදි, රුසිරු මහතා උපතින් කතෝලිකයකු වුවද, හින්දු දේව විශ්වාස පිළිබඳව දැඩි උනන්දුවක් දක්වා ඇත. ඔහු දේශපාලනය, හින්දු දේව විශ්වාස, ජ්‍යෝතිෂය, වෙදකම ඇතුළු විවිධ මාතෘකා පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට ප්‍රිය කළ බවත්, අන් අයට උදව් කිරීමට ඉදිරිපත් වූ බවත් එහි සඳහන් වේ.
ඔහු අවසන් වරට කතා කර ඇත්තේ මාර්තු 22 වැනි දින පමණ වන අතර, ගයන්ත මහතාගේ අභාවය ගැන දැඩි කම්පාවට පත්ව සිට ඇත. එමෙන්ම ගයන්ත මහතාගේ දරුවන් වෙනුවෙන් ඇති කරන අරමුදලකට දායකත්වය සැපයීමටද කැමැත්ත පළ කර ඇත. ඔහු තමන්ගේ අසනීප තත්ත්වය සහ ආචාර්ය උපාධියේ කාලය දීර්ඝ වීම ගැන කණගාටුව පළ කර ඇති අතර, තමන් මේ දිනවල "සෙනසුරු මාරුවක්" නිසා අපලයක සිටින බවද සඳහන් කර ඇත.
තමන්ගේ අපල කාලයක් ගැන බියෙන් පසුවූ රුසිරු සෙනසුරු මාරුව ගැන පවසා දින කිහිපයකින් හදිසි හෘදයාබාධයකින් මියයාම ඔහුගේ මිතුරන් විමතියට පත්කරවා ඇත.
මෙම කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක් වන කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ වටිනා සාමාජිකයින් තිදෙනකු අහිමි වීම අධ්‍යාපන ක්ෂේත‍්‍රයට දැඩි පාඩුවක් ලෙස සැලකිය හැකිය. එම විශ්වවිද්‍යාලය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ශිෂ්‍යයින් මෙම අවාසනාවන්ත සිදුවීම්වලින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
රුසිරු චිත්‍රසේන මහතාගේ අන්තිම කටයුතු පිළිබඳ තොරතුරු තවමත් නිල වශයෙන් නිවේදනය කර නොමැති අතර, ඔහුගේ පවුලේ සාමාජිකයින් සමඟ සම්බන්ධ වී අවසන් කටයුතු සංවිධානය කරමින් සිටින බව විශ්වවිද්‍යාල මූලාශ‍්‍ර මගින් දැනුම් දී ඇත.
රුසිරුගේ මිතුරු කැලණි සරසවි ආචාර්ය හසිත චාමිකරගේ සමාජ මාධ්‍ය සටහන පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval