the-batalanda-commission-is-nothing-but-mud-ranils-statement-text

පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණ බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් අද නිකුත් කළේය.ඔහු එහිදී කියන සම්පූර්ණ කතාව පහත පරිදිය.
"එක්දාස් නවසිය 87 වර්ෂයේදී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රටපුරා භීෂණයක් ඇති කිරීමට ක්රියා කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් කැබිනට් ඇමැතිවරුන්ට පැවරුවා.


බියගම ප්රදේශයේ තෙල් පිරිපහදුව, ඞීසල් විදුලිබලාගාරය, මහවැලියේ සිට කොළඹට විදුලි බලය ලබාදෙන මධ්යස්ථානය, වෙළඳ කලාපය ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කීපයක් තිබුනා. ඒ ප්රදේශය ආරක්ෂා කිරීම සඳහා හමුදා කැඳවනු ලැබුවා. ආරක්ෂා අංශ වලට රැඳී සිටීම සඳහා ලංකා පොහොර නිපදවීමේ සංස්ථාවට අයත් ඒ වන විට අතහැර දමා තිබුණු ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබා දීමට තීරණය කෙරුණි. ඒ වන විටත් ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එහි නිවාස කිහිපයක පදිංචිව සිටියා.

මේ භීෂණ කාලය තුළදී සපුගස්කන්ද පොලිස් ස්ථානයට පහරදී ස්ථානාධිපතිවරයා මරා දැමු ලැබුවා. ඒ අවස්ථාවේදී ආරක්ෂක නියෝජ්ය ඇමති රන්ජන් විජේරත්න මහතා මට කතා කර යුද්ධ හමුදා හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා නිවාස සංකීර්ණයේ හිස්ව පැවති නිවාස උණට ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව එවකට ඈවරකරු මගින් අදාළ නිවාස කැලණි පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ මහතා වෙත පැවරීමට පියවර ගත්තා.


පළාත් සභා මන්ත්රීවරයෙකු, සමුපකාර සමිති සභාපතිවරයෙකු, පොලිස් සාජන් වැඩි ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙක් ඝාතනය කිරීම මේ අතරවාරයේදී සිදුවුණා. ඒ සමඟ තවත් පළාත් සභා මන්ත්රීගේ නිවසට පහර දීමක් කෙරුණා. කඩා වැටුණු ජන ජීවිතය, ආර්ථිකය ගොඩනගමින් රටේ සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයේ සිටි ආණ්ඩුව විසින් කටයුතු කළා.

එක්දාස් නවසිය අනූ හතරෙන් පසුව චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්රදේශයේ වධකාගාරයක් තිබුණේදැයි සෙවී මට කොමිසමක් දැම්මා. ඊට නොයෙකුත් පුද්ගලයින් කැඳෙව්වා. මම මේ කැදෙව්වේ සාක්ෂිකරුවෙක් ලෙස පමණයි. ඒ වන විට මා රටේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළා.

බටලන්ද කොමිෂන් පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීමක් අරමුණු කරගෙනයි. නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නෑ. වාර්තාවේ තීරණවල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමැති හැටියට පොලිස් අධිකාරීවරයා මගින් පොලිස් නිලධාරීන්ට නිවාස දීම නිවැරදි නොවන බවයි. එහි නියම ක්රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට නිවාස භාර දී ඒ හරහා අදාළ නිලධාරීන්ට පැවරීමයි.


මේ ක්රියාකාරීකම් නිසා මමත් නලින් දෙල්ගොඩ මහතාත් වක්රාකාරයෙන් වගකිව යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන්වෙනවා. කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙන වෙනත් කිසිදු කරුණක් මට අදාළ වන්නේ නෑ.

ජනතා විමුක්ති පෙරමුණ එක්දාස් නවසිය අසූ අටේ අනුව කාලේ කළ ත්රස්තවාදී ක්රියා රාශියක් ගැන කොමිෂන් වාර්තාවේ තීරණ සමාපත්ති නිරීක්ෂණවලට දැක්වෙනවා. එහි පසුබිමත් කියවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කළ දරුණු ත්රස්ත ක්රියා ගැන කොමිෂන් වාර්තාවේ තුන්වැනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වෙනවා. මුළු ඉතිහාසයම එහි ඇතුළත් කර තිබෙනවා.

ඉහත කරුණු ඇරෙන්න අනෙක් කිසිම චෝදනාවක් මට අදාළ වන්නේ නෑ. ඒ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරනවා. බටලන්ද කොමිෂන් වාර්තාව හංගාගෙන සිටියා කියා කිසිවෙකුටවත් චෝදනා කළ නොහැකි. වර්ෂ දෙදාහේ දී පාර්ලිමේන්තු සැසි වාර්තාවක් හැටියට එය තිබුණ නමුත් කිසිවකුත් ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට ඉල්ලීමක් කළේ නෑ. අඩු තරමින් ජනතා විමුක්ති පෙරමුණවත් එවැනි ඉල්ලීමක් කළේ නැහැ. බොහෝ දෙනෙක් වාර්තාව පිළි ගත්තේ නෑ.

ඒ නිසා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට පියවර නොගත් බව අපට විශ්වාස කළ හැකි. මෙතෙක් බලයට පත් වූ කිසිදු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ බවද කිව යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු සැසි වාර්තාවක් අවුරුදු 25 කින් පසුව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ කිසි එම සම්ප්රදායක් මේ රටේ වන අනෙක් පාර්ලිමේන්තු වෙලත් නැහැ."