
පසුගිය වසරේ කොල්ලුපිටිය මංසන්දියේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ වැදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවට ලක්ව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මුදල් වන්දි ගෙවා ඇති කරගත් එකගතාවයක් නිසා එම චෝදනාවෙන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ඊයේ (20) දින නියෝග කර ඇත.
අධිකරණ වාර්තාකරුවන් සඳහන් කළ ආකාරයට, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර, පසුව ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්තුමිය මෙම තීරණය ලබා දී තිබේ.
නඩු විභාගය අතරතුර, සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 10ක් ගෙවීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර ඇති වූ එකඟතාවය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට විස්තරාත්මක කරුණු ඉදිරිපත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී, කොල්ලුපිටිය පොලීසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ මහතා මුලදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, පසුව ඇප මත මුදා හැර තිබිණි.
ලොහාන් රත්වත්තේට එරෙහිව නඩු ගනනාවක් පවතින අතර මේ එකක් පමණි.
Comments
Post a Comment
Your comment will be visible after approval