
මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගියදා සිදුවූ බිහිසුණු අනතුරකින් අවසන් ගමන් ගිය, කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ මස්සිනා (බිරියගේ සොයුරා) රවිඳු තීක්ෂණ මහතාද එකී අනතුරින් පසු ඇතිවූ සංකූලතා නිසා දින කිහිපයකට පසු ඊයේ මියගොස් තිබුණි.
අනතුරින් තුවාල ලද ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිය සතිෂා නිලන්ති සම නිවුන් දරුවන් තිදෙනා සහ බිරියගේ මව මේවනවිට තුවාල ලබා කොළඹ ජාතික මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ අවසන් කටයුතු ඊයේ සවස මාකොළ නෙල්ලිගහවත්ත සුසාන භූමියේදී සිදු කෙරිණි.
ගුනේන්ද්‍ර ගයන්ත ආචාර්‍යවරයා ඇතුළු පවුලේ පිරිස මෙම බිහිසුණු අනතුරට මුහුණපා තිබුණේ, යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වී, ආපසු පැමිණෙමින් සිටියදීයි.
වෑන් රථයක් කුලියට ලබාගෙන මෙම ගමන ගොස් තිබූ අතර රියදුරු 160 kmph ක උපරිම වේගයකින් ගමන් කරද්දී රථය පාලනය කරගත නොහැකිව ලොරියක පසුපස වැදී තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය විය.
කැලණි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානි ලෙස කටයුතු කළ ගුනේන්ද්‍ර ගයන්ත විද්‍යාර්ථීන් අතර ප්‍රකට නමක් දිනා සිටියේය.
ඔහුට අවසන් ගෞරව දක්වන්නට විශ්ව විද්‍යාලයටද දේහය රැගෙන ගොස් තිබුණි.
ආචාර්යවරයාගේ බිරිය කොළඹ ගෝතමී විද්‍යාලයේ 2002 උසස් පෙළ ආදීශිෂ්‍යා සතිෂා නිලන්ති හා දරුවන් තිදෙනාට ඉක්මණ් සුවය පතා එම කණ්ඩායම් මගින් සුවය ප්‍රාර්ථනා කර තිබුණි.
මෙම සම නිවුන් දරුවන් තිදෙනාගේ වයස 02 උපන් දිනය ලබන අප්‍රේල් 01 වනදාට යෙදී තිබෙන අතර ඒ සඳහා පිංකමක් සමග උපන්දින සාදයක්ද ආචාර්යවරයා සූදානම් කර ඒ සඳහා ඥාතීන්ට ආරාධනා කර තිබූ බවද පැවසිණි.
නමුත් අකල් වියෝව සමග ඒ සියල්ල සිදුකරන්නට බැරිව ගියේය.
සම්බන්ධිත පෙර ලිපිය
කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත හදිසි අනතුරකින් මියයයි

Comments
Post a Comment
Your comment will be visible after approval