starlink-to-be-approved-from-april

පසුගිය දිනවල බලපත්‍ර අනුමැතිය ප්‍රශ්නයට නැගුණ එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනු ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) සඳහන් කර තිබේ.


මින් ඉහත අදහස් පළවූයේ මෙම සේවය ලබාදෙන අතරතුර කිසියම් අපරාධමය කටයුත්තක් සඳහා අන්තර්ජාල සේවාවන් යොදාගන්නා අය ගැන මැදිහත්ව දත්ත සොයා බැලීමට රජයට අවශ්‍ය බැවින් ස්ටාර්ලින්ක් එවන් දත්ත ලබාදීමට බැඳී සිටීද යන පැනයයි.
කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සහ සේවාව ලබා ගන්නන්ට සපයනු ලබන සේවාවන් අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් රජයට වගකීමක් ඇති බවයි.

"රජය මැදිහත් වුණේ ක්‍රියාවලිය සුමට කිරීමට, ජාතික ආරක්ෂාව සහතික කිරීම සහ පරිශීලකයින්ට සපයනු ලබන සේවාවන් නියාමනය කිරීම මගින්," ඔහු පැවසීය.
වාර්තාවන අන්දමට මෙම ගැටලුවට ස්ටාර්ලින්ක් වෙතින් යහපත් ප්‍රතිචාර ලැබී ඇත.
සේවාව ලබා ගැනීම පිළිබඳ මුල් සාකච්ඡා අතරතුර, රජයට ජාතික ආරක්ෂාව සහ පරිශීලකයින්ට සපයනු ලබන සේවාවන්හි ගුණාත්මකභාවය සැලකිල්ලට ගැනීමට සිදුවූ නමුත් අප්‍රෙල් මස සිට මෙම සේවාවන් අරඹන්නට දැන් හැකියාව ලැබී ඇත.
මස්ක්ගේ ස්ටාලින්ක් සමාගම 2024 මාර්තු මාසයේදී මෙහෙයුම් පිහිටුවීම සඳහා යෝජනාවක් සමඟ ශ්‍රී ලංකාවට ප්‍රවේශ විය. වත්මන් රජය යටතේ, TRCSL විසින් 'ස්ටාලින්ක් ලංකා (පුද්ගලික) සමාගම' හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත 'ස්ටාලින්ක්' චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා ගාස්තු සැලසුම්වලටද අනුමැතිය ලබා දී ඇත.


TRCSL විසින් මාසයකට රුපියල් 9,200 සිට රුපියල් මිලියන 1.8 දක්වා පරාසයක 'ස්ටාලින්ක්' පැකේජ පහක් සඳහා අනුමැතිය ලබා දී ඇත.
මෙහිදී නිවසේ වහලයේ රඳවන චන්ද්‍රිකා රිසිවර ඩිෂ් එකක් හා නිවස ඇතුළත ඩිකෝඩරයක්ද මිලට ගත යුතු අතර අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කර සේවා සක්‍රිය කරගත හැකිය.