
සමගි ජන බලවේගයේ සභාපති ලෙස කටයුතු කළ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. මෙම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත යොමු කර ඇති බව සඳහන් වේ.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඉම්තියාස් බාකීර් මාකාර් මහතා එම තනතුරට පත් කෙරිණි.
කෙසේ වෙතත්, මාකාර් මහතා දැන් සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් පමණක් නොව, පක්ෂය තුළ දැරූ අනෙකුත් සියලූම තනතුරුවලින් ද ඉල්ලා අස්වී ඇති බව දැනගන්නට ලැබී තිබේ.
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ, ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පසුගිය කාලය පුරාවට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර එක්වීමක් සිදුවිය යුතු බව අවධාරණය කරමින් සිටි බවයි. එසේ නොවුණහොත් පක්ෂයේ අනාගත පැවැත්ම අවදානමට ලක්විය හැකි බවට ඔහු නිරන්තරයෙන් අනතුරු ඇඟවීම් කර තිබුණි.
මෙම තත්ත්වය තුළ සමගි ජන බලවේගය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දේශපාලන විචාරකයින් අතර සැලකිය යුතු උනන්දුවක් පවතින අතර, පක්ෂයේ නව සභාපතිවරයෙකු පත්කිරීම සඳහා ඉදිරි දිනවල කටයුතු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පක්ෂ ප්‍රතිසංවිධානය සහ අනාගත දේශපාලන සන්ධාන පිළිබඳව වැඩිදුර තීරණ ඉදිරියේදී ගනු ලබනු ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ විශ්වාසයයි.
Comments
Post a Comment
Your comment will be visible after approval