meningococcal-vaccine-is-mandatory-when-traveling-to-bahrain

බහරේනයට පැමිණෙන විදේශිකයන් සඳහා මෙනින්ගොකොකල් එන්නත (Meningococcal Vaccine) අනිවාර්ය කර ඇති බැවින්, එම රටට රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන් පිටත්වීමට පෙර අදාළ එන්නත ලබාගත යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටී.

මෙනින්ගොකොකල් රෝගය බැක්ටීරියා ආසාදනයකින් හටගන්නා බෝවන රෝගයක් වන අතර, එය බෙල්ලේ තද ගතිය, නිදිමත සහ ව්‍යාකූලත්වය, ශරීරයේ හටගන්නා දම් පැහැති කුෂ්ඨ, උණ, හිසරදය, ඔක්කාරය, ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණවලින් හඳුනාගත හැකිය. මේ අනුව, ප්‍රධාන රජයේ රෝහල්වලට ගොස් මෙම එන්නත ලබාගත හැකි බවත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි.


තවද, පෞද්ගලික රෝහල්වලින්ද මෙම එන්නත ලබාගත හැකි බව කාර්යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ බහරේන් තානාපති කාර්යාලය, බහරේන් රාජ්‍යය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය එක්ව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නොමිලේ මෙනින්ගොකොකල් එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම් දෙන බවත් කාර්යාංශය වැඩිදුරටත් පවසයි.

මේ අනුව, බහරේනයට යාමට බලාපොරොත්තුවන සියලුම ශ්‍රී ලාංකිකයන් අනිවාර්යයෙන්ම එන්නත ලබාගෙන විදේශගත වන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි ලෙස අවධාරණය කරයි.