
ලාෆ්ස් ගෑස් සමාගම අප්‍රේල් මාසය සඳහා සිය ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව නිල නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම මිල සංශෝධනය අනුව, කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ යන අතර, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168කින් ඉහළ යනු ඇත.
නව මිල ගණන් අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645ක් වනු ඇති බව ලාෆ්ස් සමාගම වැඩිදුරටත් නිවේදනය කර තිබේ. මෙම මිල සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval