
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත ප්‍රකාශයක් ලබාදීම සඳහා සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න අද (26) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය වෙත පැමිණියේය.
එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඊයේ (25) දිනයේදී තමා සුදත්ත තිලකසිරි (සුදා) මහතා සම්බන්ධයෙන් තමාගේ යූටියුබ් නාලිකාව හරහා සිදුකළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස තමාව කැඳවන්නට ඇති බවයි.
සුදත්ත තිලකසිරි මහතා දළදා මාලිගාවට මුදල් ලබාදෙන ලෙසට වංචනික ලෙස සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් තමා අදාළ දැනුවත් කිරීම සිදුකළ බව පැවසූ ඉරාජ් වීරරත්න අදාළ වීඩියෝව ලෝකේ වටේ සිටින ශ්‍රී ලාංකිකයින් බහුතරයක් නරඹා ඇතැයි ද කියා සිටියේය.
මෙම අවස්ථාවට සමාජ ජාල ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඇතුළු තවත් කිහිපදෙනෙකුද ඉරාජ් සමග පැමිණ තිබුණි.
සුදන්ත - ඉරාජ් ගැටුමට අදාළව මීට ඉහත ප්‍රවෘත්ති ගනනාවක් වාර්තා විය. මීට පෙර ඉරාජ් වැලිකඩ පොලිසියටද මෙම ගැටුමේ වෙනත් සංසිද්ධියක් සඳහා ගිය අතර ඊට පෙර රූපවාහිනී නාලිකාවක මේ දෙන්නා අතර විවාදයක් පවත්වන්නට චැට් වැඩසටහනක් සංවිධානය කර තිබූ අවස්තාවකද ගැටලුකාරී තත්වයක් පැන නැගුණි.
දේශපාලනික වශයෙන් මේ දෙන්නා පිල් දෙකක් නියෝජනය කරන අතර ඔවුන් එකිනෙකාට මඩගසාගන්නා බවට සමාජ මාධ්‍ය තුළ විවේචන පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval