A young man died after jumping from the 31st floor of the ITC Ratnadeepa Hotel.

කොළඹ ගාලු මුවදොර 'අයිටීසී රත්නදීප' ප්‍රසිද්ධ හෝටලයේ 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙය සියදිවිනසාගැනීමක් ලෙස අනුමාන කරන සාක්ෂි හමුව ඇතැයි පොලිසිය පවසයි.
ඔහු පනින්නට පෙර තමා නවාතැන්ගෙන සිටි කාමරයේ ලියූ ලිපියක මෙම සිතිවිල්ල අඩංගු කෙටි ලිපියක් හමුවී ඇත.
එහි සටහන් වන්නේ
"සමාවෙන්න මට අම්මේ ... මට ගොඩක් මහන්සියි හැමදාම මං හිතින් විඳවනවා. දුක දරාගන්න අමාරුයි. ‍ගොඩක් දුර්වලයි මගේ හිත,අනේ මට සමාවෙන්න. මගේ මරණයට හේතුව depression. කිසිම සතුටක් මට දැනෙන්නෙ නෑ.
ලොකු පාලුවක් කිසිම හේතුවක් නැතිව දැනේනවා.යාලුවෝ හිටියත් පවුලේ අය හිටියත් ලොකු තනිකමක් දැනෙනවා. මට සමාවෙන්න.

යනුවෙනි. පොලිසිය විශ්වාස කරන්නේ ඔහුගේ අත්අකුරින් එය ලියා ඇති යයි අනුමාන කරන නිසා එය ඔහු ලියූවක් විය හැකි බවයි. කෙසේ වුවත් ඒ ගැන පරීක්ෂණ සිදුවේ.

ඔහු  මිය යෑමට අරමුණු කරගෙන මෙම හෝටලයේ නවාතැන්ගෙන ඇති අයුරක් දිස්වේ.

මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව කොටුව පොලිසිය දැනට වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටින අතර, සිදුවීමට අදාළ වැඩිදුර තොරතුරු සොයමින් පවතින අතර පොලිසිය සිදුවීමේ සැබෑ ස්වභාවය, තරුණයාගේ අනන්‍යතාවය සහ මරණයට හේතුව තහවුරු කිරීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටී.