
තායිලන්තයේ කෝ තාඕ දූපත අසල මුහුදේදී යාත්‍රාවක් ගිනිගෙන ගිලීයාමේ සිද්ධියක් හේතුවෙන් දකුණු ලන්ඩනයේ ලැම්බෙත් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් වූ ඇලෙක්සැන්ඩ්‍රා ක්ලාක් නමැති බ්‍රිතාන්‍ය ජාතික සංචාරික කාන්තාවක අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ඇය සංචාරකයින් පිරිසක් සමඟ කිමිදුම් චාරිකාවක නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, අතුරුදන්ව ඇති සංචාරිකාව සොයා ගැනීම සඳහා තායි නාවික හමුදාව ඇතුළු සෙවුම් කණ්ඩායම් මෙහෙයුම් දියත් කර ඇත.
සුරත් තානි ප්‍රාන්ත මහජන සම්බන්ධතා කාර්යාලය සඳහන් කරන පරිදි, මෙම සිද්ධිය ඉරිදා (17) උදෑසන තායිලන්ත වේලාවෙන් පස්ව 9.00ට පසුව යාත්‍රාවේ එන්ජිම් කාමරයේ හටගත් ගින්නක් හේතුවෙන් සිදුව ඇත.
යාත්‍රාව ගමන් කරමින් සිටියදී ඉන්ධන පිරවීමේදී ටැංකියෙන් ඉතිරී ගිය ඉන්ධන, යාත්‍රාව නැවත ආරම්භ කිරීමේදී ගිනිගෙන ඇත.
සංචාරකයින් සහ කිමිදුම් උපදේශකයින් උදෑසන 7.30ට පමණ සවුත්වෙස්ට් පිනකල් නම් ප්‍රසිද්ධ කිමිදුම් ස්ථානයට රැගෙන ගොස් ඇති බවද වාර්තා විය.
වැඩිදුර වාර්තාවන ආකාරයට උදෑසන 10.00ට පමණ වාතය පිරවීමේ ටැංකිය පිරවීමේ රාජකාරියේ නියුතු යාත්‍රාවේ සේවකයෙක් එන්ජිම් ටැංකිය පිරවීම සඳහා අතිරේක පෙට්‍රල් ගෙන ඒවා ප්‍රමාණයට වඩා පුරවා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පෙට්‍රල් උතුරා ගොස් වැගිරී ඇත. ගිනි පුපුරක් ඇතිවී, එන්ජිම ගිනිගැනීමට හා එය පැතිරීමට හේතු වූ අතර, සමස්ත යාත්‍රාවම ගිනිබත් වී අවසානයේ මුහුදේ ගිලී ගිය බවට වාර්තාවී තිබේ.
කර්නල් සරයුත් බුරිවාචිරා තවදුරටත් සඳහන් කළේ, ගින්න වේගයෙන් පැතිරී ගිය අතර, එන්ජිම් කාමරය ගිලගත් නිසා කිමිදුම්කරුවන්, උපදේශකයින් සහ කාර්ය මණ්ඩලය මුහුදට පැනීමට බල කෙරුණු බවයි.
සිද්ධිය වාර්තා වීමෙන් පසු, සුරත් තානි ප්‍රාන්ත සාගර කාර්යාලය පෞද්ගලික යාත්‍රා සහ ස්වේච්ඡා සේවකයින් සමඟ සම්බන්ධීකරණය කරමින් සංචාරකයින් සහ කාර්ය මණ්ඩලය වෙනත් යාත්‍රාවකට ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ප්‍රාන්ත කාර්යාලයේ ෆේස්බුක් පණිවිඩයේ සඳහන් වන්නේ "අතුරුදන් වූ සංචාරක කාත්තාවක් සිටී, ඇලෙක්සැන්ඩ්‍රා ක්ලාක් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. එබැවින් බලධාරීන් අතුරුදන් වූ පුද්ගලයා සොයා ගැනීම සඳහා සෙවුම් කණ්ඩායමක් සංවිධානය කළේය" යනුවෙනි.
තායි නාවික හමුදාවේ කිමිදුම්කරුවන් දිනය පුරා යාත්‍රාවේ සුන්බුන් සහ ඒ අවට මුහුද සෝදිසි කර ඇතත්, අතුරුදන් වූ කාන්තාව පිළිබඳ කිසිදු සලකුණක් සොයාගෙන නැත. පොලිසිය පවසන පරිදි, ගින්න හටගත් අවස්ථාවේදී ඇය යාත්‍රාවේ වැසිකිළියේ සිටි බවට සැක කෙරේ.
කර්නල් සරයුත් බුරිවාචිරා තහවුරු කළේ ඇලෙක්සැන්ඩ්‍රා ක්ලාක් මහත්මිය සොයා ගැනීමේ මෙහෙයුම් අඟහරුවාදා (18) උදෑසන නැවත ආරම්භ කරන බවයි.
ගින්නට හේතුව පිළිබඳව පරීක්ෂණ සිදු කෙරෙන අතර, පොලිසිය සඳහන් කරන පරිදි, තායිලන්ත බොක්කේ ප්‍රසිද්ධ කිමිදුම් ස්ථානයකට යන ගමනේදී,
ඉන්ධන ටැංකියට වාතය සම්පීඩනය කිරීම සඳහා භාවිතා කරන එන්ජිමක් නිසා ගින්න හටගෙන ඇත.
තායිලන්තය, විශේෂයෙන් කෝ තාඕ වැනි දූපත්, ඔවුන්ගේ ප්‍රසිද්ධ කිමිදුම් ස්ථාන සහ සුන්දර වෙරළවල් හේතුවෙන් ලෝකය පුරා සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයකි. මෙවැනි අනතුරුදායක සිද්ධීන් රටේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් ඇති කරයි.
අනතුරුදායක සිද්ධීන් වැළැක්වීම සඳහා සහ විශේෂයෙන් ජල ක්‍රියාකාරකම්වල නිරත වන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, සාගර ආරක්ෂක නීති වඩාත් දැඩි කිරීම පිළිබඳව තායි රජය මත පීඩනය දැන් වැඩි වනු ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval