acting-director-of-anuradhapura-hospital-dr-dulan-dismissed

වෛද්‍යවරීය දූෂණයට ලක් වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත්කර ඇත.
පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ එච්.එම්. යු.අයි. කරුණාරත්න මහතා එම තනතුරට පත් කරනු ලැබ සිටී.


මෙම පත්කිරීම කරනු ලැබ ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසිනි.


අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියට ලිංගික හිංසනයට පත් කිරීමේ සිද්ධියෙන් පසු නිරික්ෂණ චාරිකාවක නිරත වූ සෞඛ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා ඉකුත් දා පැවසුවේ රෝහලේ ගැටලුකාරී තත්වය සහ අනාරක්ෂිත භාවයට රෝහල්  පරිපාලනය වගකිව යුතු බවයි.
අනුරාධපුර ශික්ෂණ රෝහල් වැඩබලන අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය දුලාන් සමරවීර මහතා ඉවත්කර නව අධ්‍යක්ෂවරයකු පත් කරන ලෙස අනුරාධපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පිරිසක් සහ රෝහල් කාර්ය මණ්ඩලය පසුගිය දිනවල රජයෙන් ඉල්ලා සිටියහ.