k8-jet-crashes-in-wariyapola

ත්‍රීකුණාමලය චීනවරාය ගුවන් තොටුපළින් ගුවන් ගතවී ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ පුහුණු ජෙට් යානයක් කුරුණෑගල වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේදී අද (21) උදෑසන කඩාවැටී තිබේ. මෙහි පුහුණු ගුවන් නියමුවන් දෙන්නෙකු ගමන් කර තිබූ අතර කඩා වැටෙන්නට පෙර ඔවුන් පැරෂුට් ආධාරයෙන් බිමට පැන ජීවත බේරාගත් බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය වාර්තා කර තිබේ.මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව පසුව තොරතුරු හෙළි විය.
ලැබී ඇති තොරතුරු අනුව යානය කඩා වැටී ඇත්තේ පොල් වත්තකටය. එහිදී යානය ගිනිගෙන විනාශවී ඇති අතර අවට පිරිස් එය වීඩියෝ කරන්නට හා නරඹන්නට පොරකමින් පැමිණ තිබේ.
මේ අතර යානයේ ගමන් කළ දෙන්නා පැරෂුට් ආධාරයෙන් නිරුපද්‍රිතව පතිත වන අයුරුද ඡ‍ායාරූපයට නැගී ඇත.


K-8 මුල් වරට 1994  සිට වාණිජව නිපදවීම ඇරඹූ ජෙට් යානා විශේෂයක් වන අතර, එය රටවල් කිහිපයක ගුවන් හමුදා විසින් භාවිතා කරයි.K-8 ජෙසිල් 8 (JL-8) ලෙස ද හැඳින්වෙයි.
චීනය සහ පකිස්ථානය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම යානා විශේෂය නිර්මාණය විය. එය තනි එන්ජිමක් සහිත, ආසන දෙකක උසස් ජෙට් පුහුණු හා සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයක් ලෙස නිර්මාණය කරන ලදී. K-8 යානයක දිග මීටර් 11.6ක් වන අතර, විවිධ එන්ජින් විකල්ප ඇත. ගුවන් යානයට ඉන්ධන හා අවි ආයුධ කිලෝග්‍රෑම් 1,000ක් දක්වා ගෙන යා හැකිය.

gossiplanka01 gossiplanka02 gossiplanka03 gossiplanka04
gossiplanka05 gossiplanka06 gossiplanka07 gossiplanka08 gossiplanka09
gossiplanka10 gossiplanka11 gossiplanka12 gossiplanka13
gossiplanka14 gossiplanka15 gossiplanka16 gossiplanka17