
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පැරණිතම ජාත්‍යන්තර බැංකුවක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව මෙරට තුළ සිය සිල්ලර බැංකුකරණ ව්‍යාපාරය (wealth and retail banking) වෙනත් පාර්ශ්වයක් වෙත අලෙවි කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය පිළිබඳව බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා විසින් බැංකුවේ ගනුදෙනුකරුවන් වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර ඇත.
බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් සිදුකළ නිවේදනය අනුව, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඉදිරියේදී සාංගමික සහ ආයතනික බැංකුකරණ (corporate and institutional) සේවාවන් සැපයීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සැලසුම් කරමින් සිටී. මෙම සංක්‍රාන්ති කාලය තුළ බැංකුවේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වෙත කිසිදු බාධාවක් ඇති නොවන බවට බැංකුව සහතික වී ඇත.
තෙවරතන්ත්‍රි මහතාගේ ප්‍රකාශයට අනුව, මෙම ව්‍යාපාරික අලෙවිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු අදාළ නියාමන ආයතනවල අනුමැතිය ලබාගත යුතු බව පවසා ඇත. මෙම ගනුදෙනුව සම්පූර්ණ කිරීමට ඉදිරි මාස 15 සිට 18 අතර කාලයක් ගතවනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කර දැනට වසර 100කට වැඩි කාලයක් ගතවී ඇත. මෙම පියවර ගැනීමට හේතුව වශයෙන් ගෝලීය වශයෙන් බැංකුව සිය ව්‍යාපාරික උපාය මාර්ග යළි සැකසීමක් සිදු කිරීම බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Comments
Post a Comment
Your comment will be visible after approval