
මීට ටික දිනකට පෙර වාර්තාවූයේ ඉන්දියාවේ සිට ලංකාව ආ ගුවන් යානය තුළදී ගුවන් සේවිකාවන්ට ලිංගික අතවර සිදුවූ සිද්ධියකි. ඊයේ (15) එබඳු තවත් සිදුවීමක් සිංගප්පූරුවේ සිට කටුනායක බලා පියාසරකරමින් තිබුණු යූ.එල්. 309 අංකය දරණ ගුවන් යානය තුලදී සිදුව තිබේ.
මෙහි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදු කළ බීමත් ශ්‍රී ලංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොල පොලිසිය විසින් ඊයේ (15) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අතුරුගිරියේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අවුරුදු 38ක් වයසැති අයෙකු වන අතර, ප්‍රදේශයේ වැඩ පොළක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට, සැකකරු ගුවන් සේවිකාවන් සිටි කුටියක් වෙත ගොස් ඔවුන් ස්පර්ශ කිරීමට උත්සාහ ගෙන ඇත. බීමත්ව සිටි මගියාට එපා කීවත් ගණනකට නොගත් බවත් ඔහු ඔවුන් සිප වැළඳ ගන්නට හා රහස් ප්‍රදේශ ස්පර්ශ කරන්නට අඛණ්ඩ ප්‍රයත්නයක නිරතවූ බවත් පැමිණිල්ලේ දැක්වේ.
ගුවන් සේවිකාවන් දෙදෙනා මෙම සිදුවීම පිළිබඳව වහාම ගුවන් යානයෙහි ගුවන් නියමුවාට වාර්තා කර ඇත.
රාත්‍රී 10.00 ට පමණ සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පසු ගුවන් නියමුවා විසින් මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ පාළක මැදිරි මධ්‍යස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ආරක්ෂක නිලධාරීන් විසින් අනතුරුව සැකකරු කටුනායක පොලීසිය වෙත රැගෙන විත් භාර දී ඇත. මෙම සිදුවීම සම්බන්ධව ගුවන් සේවිකාවන් දෙදෙනාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
ගුවන් සේවිකාවන් දෙදෙනා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරු අල්ලාගෙන විත් පොලිසියට භාරදී ඇත.
සැකකරු අධික ලෙස බීමත්ව සිටින බව සැක කළ පොලිසිය, ඔහුව මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත. වෛද්‍ය පරීක්ෂණවලින් පසු සැකකරු අධික ලෙස බීමත්ව සිටි බව තහවුරු කරගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සැකකරු 2025 මාර්තු 16 වන දින කොළඹ අංක 01 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval