
රුසියානු අධිකාරීන් මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුවත් කර ඇත. කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
රොටුඹ අමිල ශ්‍රී ලංකාවේ කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ විශාල පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනීමැරුම් වලට සහාය වීම ඇතුළු විවිධ අපරාධ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වී ඇත.
2024 ජූලි 8 වන දින සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් "ක්ලබ් වසන්ත" ඝාතනයට උදව් උපකාර කිරීමේ චෝදනාවටද ඔහු මෑතක ලක්ව සිටී. මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ සමඟ සම්බන්ධ වූ අතර, "KPI" ලෙස සලකුණු කර තිබූ උණ්ඩ හමුවීම කංජිපානි ඉම්රාන්ගේ සම්බන්ධතාව පෙන්නුම් කරන අතර කංජිපානි,රොටුඹ අමිල මිතුරන් බව කියැවිණි.
මීට ඉහතත් අමිල 2024 අගෝස්තු මාසයේදී තවත් කුප්‍රකට අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් සමඟ රුසියාවේදී අත්අඩංගුවට ගෙන තිබුනේ ඔවුන්ට එරෙහිව නිකුත් කරන ලද රතු නිවේදන (red notices) මත පදනම්ව INTERPOL මගිනි.
ඔහු මීටත් පෙර ඩුබායිහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මකඳුරේ මදුෂ් සමඟද අත්අඩංගුවට ගෙන තිබේ. මදුෂ් පසුව ශ්‍රී ලංකාවේදී වෙඩි හුවමාරුවකදී මරණයට පත්විය.
මෙම අත්අඩංගුවට ගැනීම් විශාල ප්‍රසිද්ධියක් සහිතව සිදු කරත් අමිල සහ ඉම්රාන් යන දෙදෙනාම ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබු පසු ටික දිනකින් ඇප ලබා ගැනීමෙන් පසු නැවත රටින් පලා ගොස් සිටින අයයි.
රොටුඹ අමිල ඒ අනුව තෙවැනි වතාවට රුසියාවේදී හසුව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval